මේ විදිහට සාමකාමී දවස් කිහිපයක් ගෙවිලා ගියා.ජෑස් ආයේම කවදාවත් අමුතු විදිහට බිරුවෙ නෑ වගේම යීබෝට පාඩම් වැඩ කරද්දී එක දිගට නිදාගන්න හම්බුනෙත් නෑ.
අද යීබෝ යුනිවර්සිටි ගිහින් ආවේ තනියම නෙවෙයි. එයාගේ ක්ලාස්මෙට්ලා හතර දෙනෙක් එක්ක. එතනින් තුන්දෙනෙක් කොල්ලො උනා වගේම අනිත් කෙනා කෙල්ලෙක්. එයාලා ආවේ යුනිවර්සිටි එකෙන් දුන්න ගෲප් වර්ක් එකක් කරන්න.
බිල්ඩින් එකට ආව වෙලේ ඉඳන් අරලිය සුවඳ යීබෝගේ පස්සෙන් එද්දී එයා කට්ටියත් එක්ක ලිෆ්ට් එකට නැග්ගා.
"යීබෝ කටකතාවක් තියෙනවා මේ බිල්ඩින් එකේ හොල්මන් ඉන්නව කියලා ඒක ඇත්තක්ද?"
"මොන පිස්සුද මෙහේ ඇති හොල්මනක් නෑ"
එයාලා එක්ක හිටපු කෙල්ලට යීබෝ පිලිතුරු දෙනකොට යීබෝට අරලිය සුවඳ සැරටම දැනුනා.
"ඔහ්...හොඳ වෙලාවට.... මං මේ ගමන ආවෙත් බයෙන්"
"නෑ නෑ බය වෙන්න කිසිම දෙයක් නෑ"
ලිෆ්ට් එකේ දොර ඇරුනට පස්සෙ කට්ටිය යීබෝගේ ගෙදරට ඇතුල් උනා.
"හනේ ශෝයි බව්වෙක්නේ...කෝ මෙහෙ එන්න ස්ස්ස්ස්...ස්ස්ස්ස්...."
මින්හි බල්ලට කතා කලත් ඌ නෙවෙයි ඒක තඹේකට මායිම් කලේ.ඌ හිටපු තැනිනුත් ටිකක් ඈතට ගිහින් වටයක් කැරකිලා බිම ඉඳගත්තේ මින්හිගේ මූණ ඇද වෙද්දි.
"ගනන් ගන්න එපා ඒ උගේ හැටි. අයිතිකාරයා වෙච්ච මාව වත් ඌ ගනන් ගන්නෙ නෑ"
යීබෝ එහෙම කියාගෙන ෆ්‍රිජ් එකෙන් බීම කෑන් පහක් එලියට අරන් කට්ටියට දීලා එයත් එකක් විවෘත කරලා උගුරක් බිව්වා.
" හරි මචංලා ඉතින් වැඩේට බහිමුකෝ. අපි මොකද්ද තෝරගන්න ටොපික් එක?"
" 'සමාජ මාධ්‍ය භාවිතයෙන් වෙලඳ ප්‍රචාරණය' ගැන කතා කලොත් මොකද"
"ඒක කොමන් වැඩී හරියන් නෑ.. අපි තෝරගන්න ඕනි වෙනස්ම ටොපික් එකක් ඒ වගේම ඒකට හොඳ attractive කෙටි නමක් තියෙන්නත් ඕනි."
" ටොපික් එක කෝම උනත් presentation එක කරන්න යීබෝව දාමු.එයා ලස්සන හින්දා අපිට ලකුණු එන්න තියෙන ඉඩකඩ වැඩී."