රිමෝට් එක පැත්තකින් තිබ්බ යීබෝ බීම උගුරක් බොන ගමන් හොඳට පුටුවට හේත්තු උනා වගේම අර අරලිය සුවඳ ලඟින්ම දැනුනා.........................................................
"ඔයා මොකද හිතන්නේ ජෑස් ඇත්තටම මෙහේ හොල්මනක් ඉන්නවා ඇතිද? මම නම් හිතන්නේ නෑ. හැබැයි ඉතින් හිටියත් මොකද ,මිනිස්සුන්ට විතරක් නෙවෙයිනේ මේ ලෝකේ අයිති. සත්තුන්ට,ඇහැට නොපෙනෙන ජීවීන්ට,ගස් කොලන් වලට මේ හැමෝටම මේ ලෝකේ අයිතියි.එහෙම බලද්දී ඔය කියන හොල්මනටත් ඉන්න අයිතියක් තියෙයි. ජෑස් මොන එහෙකටද මට ඔහොම ගොරවන්නේ?"යීබෝ එහෙම කියද්දී ජෑස් බුරාගෙන සෝෆා එකට පැන්නේ යීබෝගේ අතේ තිබුන බීම කෑන් එකත් බිම වට්ටමින්.
"අනේ අම්මපා මේ පඩත්තර බල්ලට දෙයියන්ගෙ හාල් කැවිලද කොහෙද .පුදුම මර වෙසනයක්නෙ ගහල තියෙන්නේ .ඉන්නවකෝ ඉන්නවකො මට මේ එසයිමන්ට් වගයක් හින්දා වෙලාව නැතුව මිසක් ..නැත්තම් අදම ගිහින් ඔය පුක පැත්තට ඉන්ජෙක්ෂන් එකක් ගස්සෝගෙන එනවා."
යීබෝ කේන්තියෙන් කාමරේට ගිහින් සැහැල්ලු ඇඳුමක් ඇඳගත්තා. දවල්ට කන්න තමන්ට වෙනමයි ජෑස්ට වෙනමයි යීබෝ කෑම ලෑස්ති කලා.
දවල් කෑමෙන් පස්සේ යීබෝ කලේ රෑ වෙනකම් මේසෙට ඉඳගෙන පාඩම් කරපු එක.ගොඩක් වෙලා එකදිගට පාඩම් කරද්දී නිදිමත එන එක සාමාන්‍ය දෙයක්. නිදිකිරා වැටෙද්දී තේ එකක් කෝපි එකක් හදලා දෙන්න කෙනෙක් නැති පාඩුව යීබෝට තදින්ම දැනිලා තිබුනා.
එයා අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන පොත් දිහා බලන් හිටියා.තව නම් ඉන්න බෑ කියලා හිතෙද්දී මේසෙටම ඔලුව තියාගෙන ඇස් පියාගත්තේ විනාඩි පහක් නිදියනවා කියලා හිතාගෙන උනත් දන්නෙම නැතුව පැය දෙකකට කිට්ටුවෙන්න නින්ද ගිහින් තිබුනා.
එකපාරටම යීබෝ ගැස්සිලා ඇහැරුනේ තමන්ගේ කාමරෙන්ම ඇහෙන ඌරුවන්බාන සද්දෙකට
ඒක යීබෝ දවසක් බාත්රූම් එකේදී නානගමන් මුමුණපු සින්දුවක්.
"ක...ක...කව්..ද?"
බයවුන පාර යීබෝගෙ කටින් වචන එන්නෙත් නැතුව ගියා. යීබෝ වටපිට බැලුවත් කවුරුත් පේන්න හිටියෙ නෑ.හැබැයි ඇඳ උඩ කෙනෙක් ඉඳගෙන ඉන්නවා වගේ මෙට්ටේ පැත්තක් බර වෙලා තිබුනා.
![](https://img.wattpad.com/cover/327537419-288-k240447.jpg)