👻==16

543 147 31
                                    

පහුවදා උදේම යීබෝ තමන්ගේ බඩුත් අරගෙන ෂියාඕ නිවසට ආවා.

"ගුඩ්මෝනිම් යාළු"

ශාන් යීබෝව දොරගාවින් දැක්ක ගමන් කෑගැහුවා.

"ගුඩ්මෝනිම් ගුඩ්මෝනිම් මගෙ පුංචි සීන්. මොකද මේ උදේම ඇහැරිලා ම්ම්ම්?"

"ඇහැරෙන්න නිදාගන්න එපැයි අනේ...මට හරියට නින්ද ගියේ නෑ... මං බලන් හිටියේ මගෙ යාළුවා එනකම්"

"අනේ ඉතින් මගෙ පණ්ඩිත කොල්ලා නිදිමරලා හරියනවද ? ඉක්මනට සනීප වෙන්න හොඳට රෙස්ට් කරන්න ඕනි."

"එහෙනම් මං නිදාගන්නවා.හැබැයි ඔයා මෙතනට වෙලා ඉන්න ඕනි හාද"

ශාන් කිව්වෙ ඇඳ එහා පැත්තෙ තියෙන පුටුවක් පෙන්වමින්.

"හරි අනේ මං ඉන්නවා .මෙතනම ඉන්නම්කෝ.. ඔයා උදේට කෑවද ?"

"නෑනේ තාම"

"එහෙනම් කාලම දොයියමුද ම්ම්ම්?"

ශාන් ඔලුව වැනුවම යීබෝ කිචන් එකට ගිහින් කෑම අරගෙන ඇවිත් ශාන්ට කැව්වා.ශාන් කිසිම කරදරයක් නැතුව යීබෝ කවපු සේරම ටික කෑවා.

.
.
.
"සර් බේබිව එලියට එක්කන් යන්න ඕනි"

"එලියට? ඒ කොහෙද?"

"මං එයාට පොරොන්දු උනා සර් සනීප උනාට පස්සෙ ඇවිදින්න එක්කන් යනවා කියලා"

"දැන් බබාට ඕක මතකද යීබෝ ?"

"බබාට මතකද කියන්න දන් නෑ සර්.හැබැයි පොරොන්දුව මට මතකයි.බබාට බොරු කරන්න මං කැමති නෑ සර් ඒ නිසා පුළුවන් නම් එලියට යන්න ප'මිශන් දෙන්න"

යීබෝ කියපු දේට ෂියාඕට කට උත්තර නැති උනා.

"ඒක තමා එහෙනම් බබා යීබෝට මෙච්චර කැමති.හරි ගිහින් එන්නකො"

"තැන්කිව් සර්"

යීබෝ දුරකතන ඇමතුම විසන්දි කරලා ගියේ ශාන්ව හොයාගෙන.

"ඔන්න අද අපි එලියට යන්නයි හදන්නේ..."

"ශා මරුනේ යාළු..."

යීබෝ ශාන්ව ලස්සනට ලෑස්ති කරවගෙන පාක් එකකට ගියා.ලෙලේවත් මේ සමඟම එක්කගෙන ගියා.ඉස්සර යීබෝ ජෑස් එක්ක එන්නෙම මෙතනට. ශාන් යිබෝගේ අතේ එල්ලිලා යන විදිහ ලෙලේ බංකුවක ඉඳගෙන බලාගෙන හිටියා.

Oh! My Ghost 👻❤️ (Completed)Where stories live. Discover now