"සීන්.......!!"
ටීවී එකේ පෙන්නපු ෂියාඕගේ පුතාට සීන්ගෙ පොඩි කාලෙ පෙනුම තිබුනා.යීබො දුවගෙන කාමරේට ගියේ එයාගේ ෆෝන් එක හොයාගෙන.
"ෂියාඕ ෂියාඕ..ඉන්න මං හොයාගන්නම්"
යීබෝ ඉන්ටර්නෙට් එකෙන් ෂියාඕ කියන ප්රසිද්ධ ව්යාපාරිකයගෙ විස්තර හෙව්වා.
"ආ මේ තියෙන්නේ ෆැමිලි එක ගැන"
යීබෝට ෂීයාඕගේ පවුලෙ ටිවී එකේ පෙන්නපු පාටි එක දවසෙ ගත්ත ෆොටෝ එකක් හම්බුනා.ඒකේ ෂියාඕ සහ ඔහුගේ පුතා හිටියා.
"සීන් වගේමයි දෙයියනේ....."
යීබෝ ෂියාඕගේ පුතාගේ ෆොටෝ හොයන්න ගත්තා. ඒ වගේම සීන්ගේ ෆොටෝ තියෙන ඇල්බම් එකත් ලඟට ගත්තා. ඇරපු අතක් නෑ අතදරුවා කාලෙ ඉඳන් දැන් වෙනකම් දෙන්නගෙම පෙනුම සමානව තිබුනා.
"සීන් මේ ඔයා නේද මැණික....?"
යීබෝ තවත් සැක හැරගන්න හිතාගෙන ෂියාඕගේ පුතාගෙ වයස බැලුවා.
"වයස අවුරුදු 10 යි. සීන් මාව දාලා ගිහිල්ලත් දැන් අවුරුදු දහයක් වෙනවා. ඒ කියන්නේ මේ මගේ සීන්ම තමයි. තැන්කිව් ...තැන්කිව් සීන් ඔයා ආයෙම ආවට. දැන් මං එනවා ඔයාව හොයාගෙන ... කලින් ඔයා මං ගාවට එන්න මහන්සි උනානේ....දැන් මගේ වාරේ සීන් "
යීබො මේ සතුටු වෙන්නෙ අවුරුදු 10කට පස්සේ..හැමදාමත් වගේ අදත් යීබෝගේ ඇස් තෙත් වෙලා තිබුනා.ඒත් ඒ වෙනදා වගේ දුකට ආපු කඳුළු නෙවෙයි.ඒ සතුටු කඳුළු.අවුරුදු ගානකට පස්සේ යීබෝට දැනුනා එයා ආයෙම ජීවත් වෙනවා කියලා.
"මට ඔයාගේ ලඟට එන්න ඕනි සීන්...ඔයාගේ ලඟින්ම ඉන්න ඕනි. ඒ වෙන මොකට වත් නෙවෙයි ඔයාව පරිස්සම් කරන්න.ඔයාගෙ අලුත් ජීවිතේ කිසිම කරදරයක් දුකක් නැති එකක් කරන්න ඕනි.මට වෙන කිසිම බලාපොරොත්තුවක් නෑ."
යීබෝ එහෙම හිතාගෙන ෂියාඕ කම්පැනි එක ගැන විස්තර හෙව්වා.
"අලුතින් සේවකයො ගන්නවලු .ශිට් ක්ලෝසින් ඩේට් එක අද..මට කොහොමහරි ඒකට පැනගෙන පුළුවන් උනොත් ගොඩ."
යීබෝ ෂියාඕ කම්පැනි එකට CV එකක් මේල් කලා.
"දෙවියනේ මට උදව් කරන්න ....."