👻==04

604 158 33
                                    

සුපුරුදු විදිහට පාඩම් වැඩ කරන්න මේසෙට ඉඳගත්ත යීබෝට ගෙවල් අයිතිකාරයගෙන් කෝල් එකක් ආවා.

" මොකක් කිව්වා ? මහල් නිවාස සංකීර්ණයෙ ඉන්න හැමෝටම පහල තට්ටුවෙ රැස්වීමක් .මෙහේ එහෙමත් දේවල් තියෙනවද" 

යීබෝ කණ්ණාඩියෙන් බලලා කොණ්ඩෙත් පොඩ්ඩක් හදාගෙන ෆෝන් එකත් සාක්කුවට දාගෙන එලියට ගියා.මෙහෙම මහල් නිවාස වල කලින් ඉඳලා නැති යීබෝට මේක අලුත් දෙයක් උනා.

පහලම තට්ටුවෙ කාමරේට කට්ටියක්  ඉන්නවා.ඒ අර රැස්වීම වෙන්න ඇති කියලා හිතලා යීබෝත් එතනට ගියා. සමහරු යීබෝගේ උඩ ඉඳන් පහලට බැලුවෙ දැකලා නැති මූණක් නිසා. ටික වෙලාවකට පස්සේ අයිතිකාරයා ආවා.

"කට්ටියම ආව කියලා මං හිතනවා. මෙහෙම කාර්‍යබහුල දවසක ඔයලට කරදර කලාට සමාවෙන්න ඕන. මේකයි කාරණාව මේ අපේ හැන් මහත්මියගෙ ගෙදර හොරකමක් වෙලා."

හැන් මහත්මිය කියන්නේ වයස අවුරුදු 60ක විතර කාන්තාවක්.ඇයත් ගෙවල් අයිතිකාරයා ගාවින් හිටගෙන හිටියා.

"මොනවද හොරකම් කරලා තියෙන්නේ" 

තවත් කන්තාවක් ඇහුවා.

"කිරි බෝතල් දෙකක් "

මෙතෙක් වෙලා වෙන්නේ මොකද්ද කියලා තේරුමක් නැතුව ඔහේ බලන් හිටපු යීබෝ ගැස්සිලා ගියා.

"අපෝ..මේ මොන විහිලුවක්ද? "
"මං හිතුවෙ රත්තරන් බඩුවක් වත් වෙන්න ඇති කියලා"
"ඔය වයසට හරියට අමතක වෙනවනේ..එයාම බොන්න ඇති"
"ශික් විතරක් මං ඔෆිස් එකේ ඔන්ලයින් මීටින් එකකුත් කැන්සල් කරලා ආවේ."

රැස් වෙලා හිටපු අනිත් අය කසුකුසු ගාන්න ගත්තා.

"මං දන්නවා මේක නිකම්ම කිරි බෝතල් දෙකක් කියලා.මේකයි මගේ නිවාසෙ ඉන්න කිසිම කෙනෙක්ගෙ අපහසුතාවන් ගනන් නොගෙන ඉන්න බෑනේ මට "

"මේ මිසිස් හැන් .මං මෙතනට ආවෙ මීටින් එකක් පාඩු කරගෙන. ඒක එසේ මෙසේ කන්ට්‍රැක් එකක් නෙවෙයි.පරම්පරා හතකට කිරි බෝතල් ගන්න තිබ්බා මට පාඩු වෙච්ච් මුදලින් .ආ මෙන්න .. "

ටයි කෝට් දාගත්ත මනුස්සයෙක් එහෙම කියාගෙන මිසිස් හැන් අතේ මුදල් නෝටුවක් ගහලා එතනින් එලියට ගියා.

Oh! My Ghost 👻❤️ (Completed)Where stories live. Discover now