(Wang yibo)
පවුලේ එකම දරුවා උන යීබෝගේ මවුපියන් රිය අනතුරකින් නැති වුනේ මීට වසර 2කට කලින්.නෑදෑයෝ කොච්චර කතා කලත් යීබෝ නෙවෙයි කාගෙවත් පිලිසරණක් පතන්න කැමති උනේ.එයා හිතුවෙ කාගෙන්වත් කතාවක් අහන් නැතුව තනියම ජීවිතේ ගොඩනගාගන්න. අම්මයි තාත්තයි රජයෙ ගුරුවරු හින්දා එයාල නැති උනත් එයාලගෙ වැටුපෙන් කොටසක් යීබෝට ලැබුන නිසා කරදරයක් නැතුව ඔහුට ඉගෙනීම් වැඩකටයුතු කරගෙන යන්න පුළුවන් උනා. එදා ඉඳන් කාත් කවුරුත් නැතුව තනිවම හිටපු යීබෝගේ පාළු මැකුවෙ ජෑස්. ඔව් එයා බල්ලෙක්. දෙමාපියෝ නැතිවෙලා මාසෙකට විතර පස්සෙ තමයි යීබෝ ජෑස්ව ගෙදර අරන් ආවේ.
උසස් පාසලේ අන්තිම විභාගෙත් හොඳට සමත් වෙලා තිබ්බ යීබෝට තමන් ආස යුනිවර්සිටි එකට ඇතුලත්වෙන්න පුළුවන්කම ලැබුනා. අලුත් යුනිවර්සිටි එකට යන්න තව තිබුනේ සතියක වගේ කාලයක් වෙද්දී යීබෝ හිටියේ ප්රශ්නෙක. එයාට තිබ්බ එකම ප්රශ්නෙ තමයි ජෑස්. ගෙදර ඉඳන් යුනිවර්සිටි එකට ගොඩක් දුරයි.ඒත් යුනිවර්සිටි එකේ හොස්ටල් වල බල්ලො තියන් ඉන්න දෙන්නේ නෑ.අන්න ඒ නිසාම එයා වියදමක් ගියත් කමක්නෑ කියලා පිටින් බෝඩිම් හෙව්වා.
යීබෝ එක එක තැන් හොයලා කෝල් කලා. සමහර තැන් වලට සත්තු ගේන්න දෙන්නෑ.සමහර තැන්වලට සත්තු තියාගන්න පුළුවන් උනාට ගාන වැඩී.යීබෝ රැයක් දවාලක් නැතුව ඇහේ පොට යනකම් laptop එක දිහා බලන් නවතින්න තැන් search කලා.ඒ අතරින් මහල් නිවාසයක එක නිවසක් ගොඩක් අඩුවට විකුණන්න දාලා තිබුනා.