ශාන් යීබෝ ලඟින් හරිබරි ගැහිලා වාඩි උනේ යීබෝගේ කලින් ආදරේට මොකද්ද උනේ කියලා දැනගන්න පුදුම උවමනාවකින්.යීබෝ සීන්ව මුන ගැහුන විදිහ කියද්දී ශාන් අහන් හිටියේ කටත් බාගෙට ඇරගෙන.
"එතකොට ඔයා කියන්නේ ඔයා හොල්මනකට ආදරේ කලා කියලද යීබෝ"
"හ්ම්ම්ම්.. ඔයාට විකාරයක් වගේද ?"
"මට හිතාගන්න බෑ.ඒත් මං ඔයාව විශ්වාස කරනවා යීබෝ"
"එයා අතුරුදන් උනාත් එක්කම මට මාව නැති උනා.අඩුම ගානේ මගේ හිතේ තිබ්බ ආදරේ වත් මට එයාට කියාගන්න බැරි උනා."
යීබෝ එහෙම කියද්දී ශාන් යීබෝගේ අත තදකරලා අල්ලගත්තා.
"එයා හොඳ තැනක ඇති යීබෝ...."
"හ්ම්ම්ම්...මං ආපහු ජීවත් වෙන්න පටන් ගත්තෙ අහම්බෙන් වගේ ටීවි එකේ ගිය නිවුස් එකක් දැක්ක දවසෙ ඉඳන්"
"නිවුස් එකක්?"
" ෂියාඕ කම්පැනි එකේ පාටි එකක් ගැන ගිය නිවුස් එකක්"
"අපේ කම්පැනියෙ මොකද්ද එච්චරට තිබ්බ දේ යීබෝ?"
"ඒ ඔයා...මං ටීවී එකෙන් දැක්කෙ ඔයාව. ඔයා සීන් පොඩිකාලේ වගේමයි.පොඩි වෙනසක් වත් නෑ ඒ විදිහමයි."
"එතකොට ඔයා අපෙ කම්පැනි එකට ආවේ....."
"ඔව් ඒ ඔයා හින්දා...මට ඔයාව බලන්න ඕනි හින්දා..ඔයා ලඟින් ඉන්න ඕනිහින්දා"
"ඔයා කියන්නේ යීබෝ ඔයා ප්ලෑන් කරලාම මං ගාවට ආවා කියලද?"
"ම්ම්ම් ලොකු ප්ලෑන් එකක් තිබ්බා...ඒත් ඔයා මාත් එක්ක ෆිට් වෙලා මට ඒක ගොඩක් ලේසි කලා"
"මට..මට... හිතාගන්න බෑ යීබෝ ..... ඒත් ඇයි මං ගාවට ආවේ? මං ඔයාගේ සීන් වගේ හින්දා විතරමද? එහෙම බැලුවම ඔයා මට කරලා තියෙන්නේ මහා බලු වැඩක්"
මෙච්චර වෙලා වැහිලා තිබ්බ ශාන්ගේ කට ආයෙම පණගහලා ගත්තා වගේම එයා යීබෝට රවලා අහක බලාගත්තා.
"මොකද්ද දැන් බලු වැඩේ?"
"මට ඔයා ගැන ආදරේ හිතිලා මට බලාපොරොත්තු ඇතිවෙන විදිහට හැසිරුන එක වැරදි නැද්ද ආහ්? කොහොමත් ඔයා ආදරේ මට නෙවේනේ මැරුන සීන්ටනේ.ඉතින් එහෙම බැලුවම ඒක බලු වැඩක් තමයි"