"යීබෝ ඔයා මේවා පොලිසියට දෙන්න ඕනි.
ඔයාට මේකෙන් ගැලවෙන්න පුළුවන් ඒක කලොත් විතරයි.""ඒත් මං කොහොමද මේවා දන්නේ ඇහුවොත්? අනික මං කොහොමද ඔයාලගෙ මරණෙට සම්බන්ධ වෙන්නේ"
"සම්බන්ධයක් තියෙද නැද්ද කියලා මං හරියටම හොයාගෙන කියන්නම් යීබෝ"
"මොනාද සීන් මේ කියන්නේ? මං ....මං කොහොමද? මට තේරෙන් නෑ ... ඔයා මට ඔය හංගගෙන ඉන්න ටික කියනකම් මට මේක අපබ්‍රංශයක්"
"හරි හරි යීබෝ ඔයාට විශ්වාසයි නේද මං ඔයාට වරදක් වෙන්න තියන් නෑ කියලා?"
"හ්ම්ම්ම් ඔව්"
"එහෙනම් ඔයා මං කියන විදිහට කරන්න."
"හරි දැන් මං මොකද්ද කරන්න ඕනි?"
"ඔය ඉස්සෙල්ලම ගිහින් ගෙවල් අයිතිකාරයාගෙන් මේ ගෙදර යතුර ආයෙම ඉල්ලන්න ඕනි. "
"ඒ ඇයි යතුර නැතුව අපිට යන්න එන්න පුළුවන්නේ සීන්"
"අයියෝහ්...යන්න එන්න නෙවෙයි.මට දැනගන්න ඕනි ඒ මිනිහා මේකට සම්බන්ධද නැද්ද කියලා . ඔයා ඕක ඉල්ලන් ආවට පස්සේ මිනිහා ගාව ඉඳන් මං මිනිහා දිහා ඇහැගහගෙන ඉන්නම් "
"ම්ම්ම්ම් හරි මට තේරුනා. ඔය තියෙන්නේ ටිකිරි මොලේ..."
යීබෝ සීන් කියපු විදිහට ගෙවල් අයිතිකාරයා හොයාගෙන පහලමාලෙට ගියා.සීනුත් ඒ පස්සෙන්ම ගියා.
"මිස්ටර් යීබෝ මොකද මෙහේ?"
"මට ආයේ අර ගෙදර යතුර ඕනි"
"මට කියන්න පුළුවන්ද මිස්ටර් යීබෝ ඒ මොකටද කියලා? "
"මේ මට සද්ද බද්ද වගයක් ඇහුනා ඒකයි.හිත කියන්නෙම එහේ හොල්මන් ඇති කියලා.මට පොඩ්ඩක් විපරම් කරලා බලන්න හිතුනා ඒකයි"
"මිස්ටර් යීබෝ වැඩිපුර හොල්මන් පිච්චර් බලනවා වගේ"
"එහෙමමත් නෑ.මට අරක දෙනවද"
"මෙහෙමයි මිස්ටර් යීබෝ ඒක අනවශ්‍ය වැඩක් ඇත්තටම .මොකද ඔයා කුලී ගෙවන ගෙදර ගැටළුවක් නම් මට විසඳුම් දෙන්න පුළුවන් .ඒත් අනිත් ගෙවල්වල දේවල් හොයන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි."