👻==18

566 140 10
                                    

රැයක් පුරාම ඇවිදපු දෙන්නා පාන්දර වෙද්දී කොහොමහරි ආපහු ආවා.

"මං හිතන්නේ ඉස්සරහ හිටපු මුරකාරයට නම් සැක හිතුනා සීන්"

"හරි ඒක බලාගමුකො"

"බලාගමු කියන්නේ ලොකු සර් දැනගත්තට පස්සෙ මොනවා බලන්නද"

"මං ඒ මනුස්සයාව අස් කරලා දාන්නම් පපාට බොරුවක් කියලා"

"නෑ නෑ පිස්සුද සීන් .පව් ඒ මනුස්සයගෙ රස්සාව නැති කරන්න එපා.එයා කියන එකක් නෑ "

"හුම්ම්ම් බලාගමුකො"

"පැහිච්ච සීයා දැන් නිදාගන්නකො.හෙට කොලේජ් යන්නත් බෑනේ ඔහොම .හ්ම් හ්ම් නිදාගන්නකො"

"මට තනියම නිදාගන්න කියන්නේ මොන හිතකින්ද මෝඩ යීබෝ ආහ්" 

ශාන් ඇඟිල්ල දික් කර කර බනිද්දි යීබෝ ඒ ඇඳ උඩින් ඉඳගත්තම එයා යීබෝගේ උකුලට පැන්නා.

ටික වෙලාවක් ගියත් ශාන් නිදි නැති බව යීබෝට තේරුනා . වෙනදා වගේ නෙවෙයි අද ශාන් වෙනස් .වේගෙන් හුස්ම ගන්නවා ඒ වගේම එයාගේ පපුව වේගෙන් ගැහෙනවා යීබෝට දැනුනා.

"සීන්....මොකද මේ? ඔයාට මොකුත් ප්‍රශ්නයක් ද"

"හ්ම්ම්ම්"

"මොකද්ද ප්‍රශ්නේ කියන්නකෝ ...."

"මට තවත් මේක හිරකරගෙන ඉන්න බෑ...යීබෝ මං ඔයාට ආදරෙයි..."

"මොකක් ? ඔයා දන්නවද සීන් මේ දැන් කියපු එකේ තේරුම ?"

"ඔව් මං දන්නවා...මං හොඳට දන්නවා.මට ඔයා නැතුව ඉන්න බෑ යීබෝ"

"ඔයා මට වඩා ගොඩක් පොඩියි සීන් මං ඔයාට වඩා ගොඩක් වැඩිමල්"

"ඒ කියන්නේ...ඒ කියන්නේ ඔයා මාව රිජෙක්ට් කලාද?"

"එහෙම නෙවෙයි....."

"එහෙම නෙවෙයි නම් කොහොමද ආහ්? මං දන්නවා ඔයාගෙ හිතේ ඉන්නේ  තාම අර කියපු කලින් ලව් එකනේ නේද? ඔයා එයාට තාම ආදරෙයි නේද?"

"ඔව් මං එයාට තාම ආදරෙයි"

"ඒකනේ..ඒකනේ...ඔයාට තියෙන්නේ අපේ වයසෙ ප්‍රශ්නයක් නෙවෙයි... ඔයා තාම එයාට ලව්.එයාව අමතක කරලා මට ආදරේ කරන්නකො යීබෝ"

Oh! My Ghost 👻❤️ (Completed)Where stories live. Discover now