පහුවදා උදේ යීබෝ ඇහැරෙනකොට සීන් හිටියෙ එයාගෙ ඇඳේ යීබෝ දිහා බලාගෙන.එක පාරටම සීන්ව දැකපු යීබෝ ගැස්සිලා ගියා.
"ගුඩ්මෝනිම්...."
"කිව්වනේ කිව්වනේ මං මේ ඇඳට එන්න එපා එහා කාමරෙන් ඉන්න කියලා සීන්"
"උදේම බැනලා මගේ දවස මූසල කරන්න එපා යීබෝ"
මෙතෙක් වෙලා හිනාවෙවී හිටපු සීන්ගෙ කට ඇදවුනා.
"හරි හරි සොරි ....."
"යන්න කෑම කාලා ලැස්තිවෙන්න."
"කෑම?"
"මං හැදුවා."
"තැන්කිව් හොඳද මං වෙනුවෙන් මහන්සි උනාට "
යීබෝ කෑම කාලා ලෑස්තිවෙලා ගෙදරින් එලියට ගියා.සීනුත් ඒ පස්සෙන්ම ඇවිත් ලිෆ්ට් එකට නැග්ගා.
" යුනිවර්සිටි එකටම එන්නද යන්නේ මා එක්ක ?"
"පුළුවන් කමක් තිබ්බා නම් එනවා යීබෝ...ඒත් මට මේ බිල්ඩින් එකෙන් එලියට යන්න බෑ.."
"මොකක්? එතකොට එහෙනම් අර එදා ආවේ අපි එක්ක පාක් එකට.?"
"ඒ මේ....මේ...මං මේ ජෑස්ගේ ඇඟට ඇතුල් වෙලා ආවේ..."
"ආ එහෙනම් ඒ ඔයා නේද...."
යීබෝ එහෙම කියද්දීම ලිෆ්ට් එක පහල තට්ටුවට ඇවිත් තිබුනා වගේම දොර ඇරුනා.
" පරිස්සමෙන් යන්න යීබෝ.."
"ම්ම්ම්...මං ආපහු ආවහම අපි එදා දවස ගැන කතා කරමු සීන් මහත්තයා හොඳද.."
"මට දැන් ඕවා මතකනෑ හේ හේ"
"මිස්ටර් යීබෝ මොකද තනියම කතා කරන්නේ?"
ගෙවල් අයිතිකාරයා යීබෝගෙන් අහද්දී යීබෝ අතින් කන අල්ලගත්තා.