පහුවදා යීබෝ යුනිවර්සිටි යනකොට ජෑස් එක්ක සීනුත් පස්සෙන් ආවේ යීබෝ එපා කියද්දි.."මං කිව්වනේ ඔයාලා දෙන්නා ආපහු ගෙදර යන්න. තාමත් පරක්කු නෑ.
යීබෝ එහෙම කියද්දී ජෑස් අමුතු තාලෙකට යීබෝවත් ඉස්සර කරගෙන ඉස්සරහට ගියා.
සාමාන්‍යයෙන් ජෑස් යීබෝට පිටිපස්සෙන් ආවාට ජෑස්ට හොල්මන වැහුනම ජෑස් යන්නේ යීබෝටත් ඉස්සරහින් අමුතු ගාම්භීර ගමනකින්.
"හා එහෙනම් අයින් වෙලා යනවකෝ...ඔය ඉස්සරවෙලා වන වන ගියාට පාර වත් දන්නවද සීන් ?"
එහෙම කියද්දී ජෑස් නැවතුනා වගේම යීබෝට සමාන්තරව ගිමන් කලා මිසක් යීබෝට ඉස්සර වෙන්න දුන්නේ නෑ.
කොහොම උනත් ජෑස් ගියේ දෙපැත්ත බල බල හරිම විමසිල්ලෙන් වෙනකොට වටපිටාවේ සැක හිතෙන කිසිම දෙයක් තිබුනෙ නෑ.
ඒත් ටික වෙලාවකින් කලින් දවසෙ යීබෝව පන්නගෙන ආපු කලුපාට කාර් එක ඉස්සරහින් මතු උනා. ජෑස් ඒ කාර් එක දැක්ක ගමන් යීබෝට සද්දෙට නැතත් හෙමීට බුරන්න ගත්තා.
"ඒ කාර් එක තමයි සීන් මාව ෆලෝ කලේ.."
"එක්කො මං මොනඑහෙකටද බය වෙන්නේ...මං පොඩ්ඩක් ඉඳලා බලනවා එයාලේ උවමනාව මොකද්ද කියලා."
යී බෝ එහෙම කියපු ගමන් ජෑස් අමුතු විදිහට ඔලුව පාත් කර කර වගේ දඟලන්න ගත්තා.
"ඒ පාර මොකද උනේ සීන්..."
ජෑස් යීබෝගේ කලිසම් කකුලක් කටින් අල්ලගෙන ආපිට ඇද්දේ හරියට අපි ආපහු යං කියන්න වගේ වෙනකොට යීබෝට ඒක තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
යීබෝ ඉක්මනට එතනින් දිව්වා වගේම මෙතක් වෙලා යීබෝව ඉස්සරකරන් ඇවිදපු ජෑස් ඌට යීබෝට වඩා වේගෙන් දුවන්න පුළුවන්කම තියෙද්දී යීබෝගේ පිටිපස්සෙන් ඇදුනේ හරියට යීබෝගේ ආරක්ශාවට වගේ. මහල් නිවාස සංකීර්ණයෙ ඉඳන් වැඩිදුරක් ආවේ නැති හින්දා.යීබෝට ඉක්මනට එතනට දුවාගන්න පුළුවන් උනා.
ගොඩ නැගිල්ලට ඇතුල් උන ගමන් සීන් ජෑස්ගේ ඇඟෙන් එලියට ආවා වගේම යීබෝ ඉස්සරහ පේන්න හිටියා.