"මට මගේ යාළුවව බලන්න යන්න ඕනි .නැත්තම් මං කන්නේ නෑ කිව්වොත් නෑම තමයි."
ස්කෝලෙ ඇරලා ආපු ගමන් ශාන් මේ කරදර කරන්නේ ලෙලේට.
"අනේ බේබි දැන් බේබිගෙ යාළුවෝ ස්කෝලෙ ඇරලා ගෙදර ගිහිනුත් ඇති දැන් කොහොමද එයාලව හොයන්නෙ?"
"නෑ නෑ එයා ඉන්නෙ ස්කෝලෙ නෙවෙයි පපාගෙ කම්පැනියෙ."
"බෑ බෑ බේබි අද නම් යන්න බෑ ලොකූ සර්ගෙන් ඉන්න හම්බවෙන එකක් නෑ."
"ඈ හෑ......හෑ......"
ශාන් අඬාගෙන කාමරේට දිව්වා.නිකම් නෙවේ..ලෙලේ දික් කරගෙන හිටපු කෑම එකටත් අතින් ගහලා තමයි ගියේ.
"අනේ දෙයියනේ පුදුම හිතුවක්කාරකමක්නේ බේබි .ඉන්න ඉන්න මං ලොකු සර්ට කෝල් කරන්නම්"
ලෙලේ සීසීකඩ විසික් වෙලා තිබ්බ කෑම එක තව සේවකයෙක්ට අස් කරන්න කියලා ෂියාඕට කෝල් එකක් ගත්තා.
"හෙලෝ ලොකු සර් "
"කියන්න ලෙලේ"
"මේ බේබි අඬනවා අදත් කම්පැනි එකට එන්න ඕනි කියලා"
"ඒක කරන්න බෑනේ .මට වැඩක් කරගන්න හම්බවෙන් නෑ එතකොට.කෝ දැන්?"
"බේබි කාමරේ අඬනවා.කෑම එකත් පොලවෙ ගැහුවා සර්."
"කෝ බේබිට පොඩ්ඩක් ෆෝන් එක දෙන්න"
ලෙලේ කාමරේට යද්දී ශාන් කොට්ටයක් බදාගෙන ඇඳේ මුල්ලකට වෙලා අඬනවා.ලෙලේ එතනට ගිහින් ස්පීකර් ඔන් කලා.
"බේබි මේ ලොකු සර් කතා කරනවා"
"හෙලෝ බබා...අනේ අඬන්න එපා ඉතින් පපා ඉක්මනට එන්නම්කෝ...කියන්නකො බබාට මොනාද ගේන්න ඕනි කියලා"
"මට ඔයාව එපා......මට ඕනි මගෙ යාළුවා..ම්හුක්"
ශාන් අඬ අඬම කිව්වා.
"මොන යාළුවෙක්ද බබා ?"
"පපාගේ කම්පැනියෙ ඉන්නෙ මගෙ යාළුවා"
"මෙහේ? මොකද්ද නම ඔය කියන කෙනාගෙ?"
"නමක් දන් නෑ..නම අහගන්න බැරි උනා..."
"නමක් නැතුව කොහොමද මං හොයාගන්නේ එයාව ?"
" එයා සුදු ලස්සන අයියෙක් පපා.එයා හරී හොඳයි"