සීන් ටික වෙලාවකින් ආයේ ආවේ බඩු වගයකුත් උස්සගෙන. සීන් එනකොට යීබෝ හිටියේ ජෑස්ට කෑමක් හද හදා වෙනකොට ජෑසුත් හිටියේ වලිගේ වනවනා කුස්සියේ.
"ගෙදර ආලෝකෙට තරහ ගිහින්නේ ජෑස් ඉතින් ඔන්න මං අද කෑම හදනවා."
"අර කතාවක් තියෙනවනේ... කෑම එහෙම හදලා අපිව බලාගන්න කෙනා තමයි ගෙදර ආලෝකෙ කියලා..."
සීන් හොල්මනක් කියලා නෑ යීබෝ සීන්ට ජීවත් වෙලා ඉන්න මනුස්සයෙකුට වඩා රෙස්පෙක්ට් කලා.
"යීබෝ.....යීබෝ....එන්නකෝ"
"ඔන්න ඇවිත් "
යීබෝ ගෑස් එකත් ඕෆ් කරලා ඉක්මනටම සීන්ගේ කටහඬ ඇහෙන දිහාවට දිව්වා. සීන් හිටියෙ යීබෝගේ කාමරේ වෙනකොට බඩු ගොඩක් යීබෝගෙ ඇඳ උඩ තිබුනා.
"මේ මොනාද? "
"මෙතන මගෙ පුංචිකාලෙ ඉඳන් මගේ ෆොටෝ තියෙන ඇල්බම්.ඒ වගේම මං මැරෙන දවසට කලින් දවස වෙනකම් මං ලියපු ඩයරි.පාඩම් වැඩ කරලා වෙලාවක් තිබ්බොත් ඒ ටික බලන්න... මොකද ඔයා දැනගත්තොත් හොඳයි කියලා හිතෙන දෙයක් මං ඒකේ ලියලා ඇති."
"හරි මං කියවන්නම් සීන්...ඒත් ඇයි මේ හදිසියෙම මේවා උස්සන් ආවේ...?"
"මොකද මට ආයේ වෙලාවක් නැති උනොත් ඒකයි"
"වෙලාවක් නැති උනොත් කියන්නේ මොකද්ද සීන් මට තේරෙන් නෑ.ඔයා කොහෙහරි යන්නද හදන්නේ?"
"මොකුත් නෑ ...හිතන්න එපා යීබෝ .. ඒක නෙවෙයි මේ රෑ වෙන්න තියෙන්නෙ තව ටික වෙලාවයි. රෑ උනාට පස්සේ ඔයා ජෑස් එක්ක කාමරේට වෙලා දොර ලොක් කරගන්න ඕනි තේරුනාද?"
"මොකක් ? ඉතින් ගෙදර දොර ලොක් කලා නම් ඉවරනේ සීන් .මං ඇයි කාමරේට වෙලා ඉන්න ඕන?"
"හේතු මං පස්සෙ කියන්නම් යීබෝ.. දැනට මං කියන දේ අහන්නකෝ.. "
"හ්ම්ම් හ්ම්ම්.. ඔයා නම් මහ රහස් ගුහාවක් සීන්"
යීබෝ එහෙම කිව්වම සීන් හිනා වුනා.ඒක හරිම ආයාසයෙන් මවාගත්ත හිනාවක් .හරියට ලොකු වේදනාවක් හංගගෙන හිනාවෙනවා වගේ. යීබෝට ඒක නොතේරුනා නෙවෙයි.ඒත් එයා සීන්ගෙන් මොකුත් ඇහුවෙ නැත්තේ සීන් දේවල් හංගනවා කියන එක යීබෝ හොඳින්ම දන්න හින්දා.