ලිෆ්ට් එක තට්ටුවෙන් තට්ටුව පහලටම ආවා....මගේ හාට් එක නිකම් පුපුරන්න ඔන්න මෙන්න වගේ තිබ්බෙ...
එයා මං දිහා බැලුවා..
එනවා යන්න....
එයා රවලා එහෙම කිව්වා....
අනේ එයා ඇයි මෙච්චර තරහා ගන්නෙ.....ඊළඟට එයා මොනා කරයිද දන්නෙ නෑ...එයාට ඕන්නම් මාව මරන්න උනත් පුලුවන් කියලා මං හොඳටම දැන ගෙන හිටියා...
යීබො....අනේ....ඉන්නකො....
මං අඬ අඬ වේගෙන් කාර් පාර්ක් එක දිහාවට යන එයාගේ අතේ එල්ලුනා....
එයා නැවතිලා මගේ අත ගැසුවා....අනික් පාරම එයා මගේ කම්මුල් එක අතින් මිරිකුවා නිකම් හක්ක කැඩෙන්න වගේ.....
හොඳට මේක අහ ගන්නවා....ඊළඟට මොනා උනත් කතා කරන්නත් බෑ....මාව අල්ලන්නත් බෑ....හරිද.....
එයා හරි ද අහනවා....මට ඒකට උත්තරයක් දෙනවා තියා මගෙ ඇස් වලින් එන කඳුලු වලටම හැමදේම පෙවුනෙ බොඳ වෙලා...
තේරුනාද තමුන්ට.....
එයා මගේ කට තවත් හයියෙන් තද කරලා කෑ ගහලා ඇහුවා...
මට කතා කර ගන්න බැරි තැන මං අඬ අඬම ඔලුව වැනුවා..
එයා මාව ඇඳගෙන ගිහින් කාර් එකේ දොර ඇරලා ඇතුළට තල්ලු කරලා හයියෙන් දොර වැහුවා....එයත් කාර් එකට නැගලා හෙන වේගෙන් ඩ්‍රයිව් කරන් ගියා....
YOU ARE READING
Hold Me Tight - Yizhan
Fanfictionමටත් පුලුවන් උනානම් ගහෙන් ගෙඩි එන්නා වගේ උඹට ආදරෙයි කියන්න...උඹ අදටත් මං ළඟ...... _...යීබො..._