මගේ යීබො....
ඔයා දන්නවද ඔයාව හම්බවෙන්න කලින් මගේ ලෝකෙ තිබ්බෙ මොන වගේද කියලා....ඒක හරි අඳුරුයි....පිලිකුල්.....ඒත් ඔයාව හම්බුන දා ඉඳන් මගේ ජීවිතේට තිබ්බෙ ලොකු එළියක්...සතුටක්...ඔයාට විතරයි පුලුවන් උනේ මගේ මූණට හිනාවක් ගේන්න...
මං දන්නෙ නෑ ඔයා මාව ඔයාගෙන් ඈත් කරලා මේ තරම් දුකක් මට දෙන්නෙ ඇයි කියලා....ඒත් කමක් නෑ...
ඔයා දන්නවද...ඔයා නැති ජීවිතයක් මට නෑ කියලා....ඔයා මගේ පණ රත්තරං..ඔයාගේ තැන මින් මත්තට හිස් වේවි..ඒත් ඒ තැන ඔයාට අයිති වෙලාම තියෙයි...ඒක වෙනස් වෙන්නෙ නෑ....
ඔයා කොච්චර දේවල් මට කරත් මගේ ආදරේ මැරෙන්නෙ නෑ යීබො....මං ඔයා වෙනුවෙන් හැමදාම ඉන්නවා...
මං ප්‍රාර්ථනා කරන්නෙ ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා...ඔයාට කවදාවත් කරදරයක් දුකක් වෙන්න එපා කියලා....
මට ඔයාව බදාගන්නත් බෑනෙ...කමක් නෑ දවසක් එයි නේද අපිටත් සතුටින් ඉන්න පුලුවන්...මං එදා වෙනකම් දින ගනින්නම් රත්තරං.....
"සමහරවිට ඉර නොදන්නවා ඇති...
සූරියකාන්ත මල් ඉර මත්තෙම නැහෙනවා කියලා..."ඉතින් රත්තරං මාත් එක සූරියකාන්ත මලක් උඹ කියන ඉර මත්තෙම නැහෙන...නැහිලා පරවෙලා යන....
එයා එහෙම කියලා තිබ්බා....
ඇත්ත සූරියකාන්ත මල් ඉර මත්තෙම නැහෙනවා ඇති....
ඒත් ඉර දන්නවා ඇති ලං කර ගත්තොත් සූරියකාන්ත මල් තමන්ගෙ උණුහුමට පරවෙනවා කියලා....
සමහර වෙලාවට සමහර මිනිස්සු තමන් ආදරේ කරන අයගෙන් ඈත් වෙන්නෙ ඒ නිසාම වෙන්න බැරිද.....
KAMU SEDANG MEMBACA
Hold Me Tight - Yizhan
Fiksi Penggemarමටත් පුලුවන් උනානම් ගහෙන් ගෙඩි එන්නා වගේ උඹට ආදරෙයි කියන්න...උඹ අදටත් මං ළඟ...... _...යීබො..._