හරියටම අවුරුදු එකහමාරක් ගෙවුනා.....
මායි යීබොයි ෆ්‍රාන්ස්වලට යන ගමන්...ෆ්ලයිට් එකෙන් බැහැලා යීබොට අයිති වාහනේක අපි ජාන්ගෙ ගෙදරට යන ගමන්...
යීබො මට බයයි...
මං කිව්වා..ඇත්තටම වෙන කෙනෙක් වගේ රඟපානවා කියන්නෙ ලේසි දෙයක් නෙවේනෙ..
බය වෙන්න එපා මං ඉන්නවනෙ...
එයා එහෙම කියලා මගේ අතින් අල්ල ගත්තා...
මං හිමීට එයාගේ උරහිසට බර වෙලා කල්පනා කරන්න ගත්තා...
තව ටික වෙලාවයි එයාලගෙ ගෙදරට යන්න තියෙන්නෙ...මං කොහොමද ජාන් වගේ හැසිරෙන්නෙ...මට නිකම් පිස්සු හැදෙන්න වගේ....අනේ දෙවියනේ අපිව බේරගන්න....මට බයයි...
මං හිත අස්සෙන් බෙරිහන් දුන්නා...
ටික වෙලාවකින් කාර් එක ලොකු විලා එකක් ඉස්සරහට ඇවිත් නැවැත්තුවා...ඒත් එක්කම ගේට්ටුව ඇරුනා..අපි ඇතුලට ගියා...
මං මගේ ඇස් දෙක තදීන් වහගත්තා..අනේ මේක හීනයක් නම් දැන්ම ඇහැරෙන්න කියලා...
ශාන්...සාමාන්‍ය විදිහට ඉන්න..මෙයාලා සැක හිතයි නැත්තම්...
යීබො එහෙම කියලා මගේ උරහිස අත ගෑවා...
DU LIEST GERADE
Hold Me Tight - Yizhan
Fanfictionමටත් පුලුවන් උනානම් ගහෙන් ගෙඩි එන්නා වගේ උඹට ආදරෙයි කියන්න...උඹ අදටත් මං ළඟ...... _...යීබො..._