මට සමාවෙන්න යීබො ඒත් ඔයාමයි මේකට මුල...ඔයාමයි මාව මේ තත්වෙට පත් කරේ....
මට ඔයයි ශිනුයි කෑම කනවා පෙනි පෙනි ඉද්දි මං කෝල් කරලා අහපුවම ඔයා හැමදාම කිව්වෙ බොරු..ඒ බොරු වලින් පටන් ගත්ත මේ දේවල් දැන් හුඟක් දුර ගිහින්...
නොදැනුනා සේ හුස්ම ගත්තට
ම හද ගිනිගෙන ඇදුම් කෑවා..මතක සැමරුම් සිහින අස්සේ
තනි රෑට ඉකිගසා හැඬුවා...හද අඟුලු ලා යන්න කිව්වට
තව තවත් මම නුඹව හෙව්වා...සමුගන්න බව දැන දැනත් මම
නුඹේ මතකම සුවඳ කෙරුවා...<උපුටා ගැනීමකි>
ආයම පිටිපස්ස හැරිලා බලන්න බැරි තරම් දේවල් වෙනස් වෙලා තියෙද්දි මගේ ආදරේ විතරක් තාම එහෙමම වෙනස් නොවී තිබ්බා...එයා ශිං එක්ක හැම තැනම යද්දි මං හැමදාම මගේ කාමරේ අස්සෙ කලුවරේ ගුලි වෙලා ඇඬුවා....දැන් ඒ හොඳටම ඇති...මං තවත් අඬන්නෙ නෑ..මට ඕන දේ මං කොහොමත් ගන්නවා...මට ඕන යීබොව හොඳින් හරි නරකින් හරි....මං එහෙම හිතලා වොශ් එකක් දාන්න ගියා....
ඇත්ත තමා සීයා කිව්වෙ මේ ඉන්නෙ මං නිකම් නලු බට්ටා වගේ....බලන්න එපෑ මූණෙ තියන සිරියාව.....ම්හුක්..කාටද ඉතින් ආඩම්බර....
ESTÁS LEYENDO
Hold Me Tight - Yizhan
Fanficමටත් පුලුවන් උනානම් ගහෙන් ගෙඩි එන්නා වගේ උඹට ආදරෙයි කියන්න...උඹ අදටත් මං ළඟ...... _...යීබො..._