"කොහෙහරි යන්නද ගියෙ මහත්තයා..."
යීබො එහෙම ඇහුවෙ මගේ මූණට එබිලා..එයාගෙ ඇස් රතු වෙලා..
"ම්..මං කොහෙ යන්නද...."
"ඒක තමයි මාත් අහන්නෙ...."
එයා මගෙන් ප්‍රශ්න කරනවා...
"අනේ මට ගෙදර යන්න ඕන..."
"දැන් මං කිව්වෙ මොකක්ද..."
මාව බිමින් තිබ්බා එයා...නෑ...නෑ...අතෑරියා....
"අනේ..."
මං එල්ලුනා එයාගේ අතේ....
"මට ගෙදර යන්න ඕන...මට අම්මාව මතක් වෙනවා...."
"ශාන්...අනේ පනේ කියලා ඔයා හදන්නෙ මගේ යකා අවුස්සන්න...හොඳින් කියන්නෙ මුරණ්ඩු කම් කරන්න එපා..අදට විතරයි සමාව...."
එයා ගියා මගේ අත ගසලා දාලාම....මහ නපුරු මූණක් තියෙන්නෙ....අහිංසක කමක් ගෑවිලත් නෑ.....
"පුම්චි මහත්තයා..."
කල්පනාවක හිටපු මං ඒ කටහඬ එක්ක ගැස්සුනා..ඒ අර වැඩ කරන එකා..ඌ නම් මැරිච්ච එකෙක්ද මංදා..එක එක වෙලාවට කතා කරන්නෙ එක එක සද්ද වලින්...මං පපුවත් එක අතකින් අල්ලගෙන එයා දිහාවට හැරුනා...
"මොකද යකෝ බය කරන්නෙ...පිස්සු හැදිලද....."
මං කිව්වා.....
ŞİMDİ OKUDUĞUN
Hold Me Tight - Yizhan
Hayran Kurguමටත් පුලුවන් උනානම් ගහෙන් ගෙඩි එන්නා වගේ උඹට ආදරෙයි කියන්න...උඹ අදටත් මං ළඟ...... _...යීබො..._