ශාන් එළියට එන්න මැණික...මං ගහන්නෙ නෑ...මං බෙල්ට් එක ගලවන්න හැදුවෙ නෑ...පොඩ්ඩක් එහෙට මෙහෙට කරා විතරයි...
එයා කියනවා ගහන්න හැදුවෙ නෑලු...එයා මට මැණිකලු....අනේ එයා හරි හොඳයි ද මංදා.....එයා ගහන්නෙ නැති වෙයි නේද....
මං එහෙම හිතලා එළියට ගියා.....මගේ කකුල් දෙක තාම වෙවුලනවා..කෙලින් ඉන්නත් බෑ....
"කෝ මෙහෙ එන්න...."
එයා මාව එලියට ගත්තා.....
"බලන්න මේ මකුළු දැලුත් එක්ක ඔලුවෙ...දැන් ඉතින් නාන්න තමයි වෙන්නෙ...කෝ එන්න අපි වොශ් එකක් දාන්න යමු...."
ඔව්...ඇඳ අස්සෙ රිංගුව හන්දා මගේ ඔලුව මකුළු දැල් වගේකින් එතිලා තිබ්බා....
මං හා කියන්න ඔලුව වැනුවා...
එයා මාව හරහට උස්ස ගත්තා...අනේ මට මුකුත් කියා ගන්නත් බෑ...මගේ කටත් ලොක් වෙලා වගේ...එයා කරන හැමදේම දිහා බලන් විතරක් ඉන්න මට සිද්ද උනා...
එයා හීටරේ ඔන් කරලා බාත් ටබ් එකට උණුවතුර පිරෙව්වා....පුරවලා අත දාලා බැලුවත් එක්ක රස්නෙද කියලා....පව් හැබැයි....මං බැන්නත් එක්ක....
මං කල්පනා කරන්න ගත්තා....
"මොනාද කල්පනා කරන්නෙ...."
එයා අහනවා මොනාද කල්පනා කරන්නෙ කියලා....එයා ඉතින් ඔහොම හොඳට මට සලකද්දි මං කල්පනා නොකර ඉදී යෑ නේත....
"මුකුත්...නෑහ්...."
"හ්ම්..කෝ එන්න ටබ් එක බහින්න ටී ෂර්ට් එක ගලවන්න...."
මං අත් දෙක පපුවට කරලා තද කර ගත්තා...හරියටම ගලවන්න බෑ කියන්නා වගේ....
"මං මුකුත් කරන්නෙ නෑ...බය වෙන්න එපා..මට මොනාහරි කරන්න ඕන උනානම් මං මෙච්චර වෙලා ඉවසන්නෙ නෑනෙ ශාන්...."
එයා එහෙම කියද්දි මගේ ඔලුවෙ ඉඳන් හිරි පිපුනා...
එයා කිව්ව කතාවත් ඇත්ත....එයාට මොනාහරි කරන්න ඕන උනානම් කොච්චර අවස්ථා තිබ්බද....එයාට ඕන වෙලාවක මට මොනාහරි කරන්න පුලුවන්නෙ ඉතින්.....
මං ටී ෂර්ට් එක ගලවන්න අත් දෙක ඉස්සුවා....එයා ටීෂර්ට් එක ගලවලා මගේ ඇඟ දිහා බලන් හිටියා....
VOCÊ ESTÁ LENDO
Hold Me Tight - Yizhan
Fanficමටත් පුලුවන් උනානම් ගහෙන් ගෙඩි එන්නා වගේ උඹට ආදරෙයි කියන්න...උඹ අදටත් මං ළඟ...... _...යීබො..._