"ය්...යීබො...."
මං බය උනා...මං හුස්ම ගත්තා නෙවෙයි විද්දා...ඒ තරම් සද්දෙන් මං හුස්ම ගත්තා....
එයා මේ පට්ට කරුවලේ මොකද කරන්නෙ...එයා වැම්පයර් කෙනෙක් ද දන්නෙ නෑ....කාගෙ හරි බෙල්ල විදලා ලේ බීලා එන ගමන්ද දන්නෙ නෑ...අනේ මගේ ලේ නම් රහත් නෑ...මගේ ඇඟේ ලේත් නෑ...තියන ඒවා මටත් මදි....
බය වෙච්ච පාර ඒ විකාරෙන්දෝ මංදා මං මහ විකාර ගොඩක් හිතෙන් හිතන්න ගත්තා.....
එයාගේ මූණ....ඒ ඇස්.....මට කිව්වෙම යමන් තෝව අද හමගහනවා වගේ එකක් වෙනකොට මට ඒ ඇස් දිහා කෙලින් බලන්නත් බැරි උනා.....
"යීබො....."
මං කතා කරාට එයා නෙවේ මීක් ගෑවෙ...කට කැඩිලද මංදා...එක්කො ඉතින් දත් කැක්කුමක් වෙන්න ඇති...නැත්තම් ඉතින් මෙලහට මට බනින්න එපැයි.....
මං එයා බනිනකම් බලන් හිටියා....
එයා දත් මිටි කනවා මගේ ඉස්සරහට වෙලා....
"අපි ගෙදර යමු ලොකු මහත්තයා..."
ඒත් එක්කම අන්දකාරෙන් මතු උනේ අර වැඩ කරන එකා....
යීබො මගේ අතින් අල්ල ගත්තා නිකම් නෙවේ තද කරලම...මගේ ඇටකටු කැඩෙයි කියලා මට හිතුනා....
ESTÁS LEYENDO
Hold Me Tight - Yizhan
Fanficමටත් පුලුවන් උනානම් ගහෙන් ගෙඩි එන්නා වගේ උඹට ආදරෙයි කියන්න...උඹ අදටත් මං ළඟ...... _...යීබො..._