....
..
..
..
අහලා තියෙනවද......
හ්ම්...
කවුරුත් අහලා නැති වෙන්න බෑ.....
හැබැයි කීයෙන් කීයද ඇත්ත කතාව දන්නේ....
ඔයත්...
මේ කතා කරන මමත්...
හරියටම ඇත්ත කතාව දන්නවද....
ම්ම්.
දන්න විදිහට කිව්වොත්..........
කතා ගොඩක් තියෙනවා....
ඒත් එක කතාවක් ගැන විතරක් හිතනවා නම්........
එකෝමත් එක කාලෙක රට හොඳට පාලණය කරපු රජ කෙනෙක් එයාට ගැලපෙන ලස්සන කාන්තාවක් විවාහ කරගත්තා....ඒ දෙන්නා ගොඩ කාලයක් රට හොදින් පාලණය කරගෙන සතුටින් ජීවත් උනා..හැබැයි ඒ සතුට තවත් වැඩි කරන්න ඒ දෙන්නට දරුවෙක් හිටියේ නෑ.....ඒ වගේම සිංහාසනයට උරුමකාරයෙක් හිටියෙත් නෑ....
ඉතින් ....ඒ රජ යුවල ගොඩක් බාර හාර උනා...පුද පූජා පැවැත්වුවා..යාග හෝම කලා...දෙවියන්ට වගේම යක්ශයාටත් පේ උනා.....තවත් අවුරුදු ගානක්ම...
අන්තිමට...එයාලගේ උත්සහය මල්පල දරලා බිසව ගැබ්බර උනා....මාස දහයක්....හරියටම මාස දහයක් ඒ දරුවව කුසේ දරාගෙන බිසව එයාව බිහි කලා....
පින්වන්ත වගේම...නීරෝගී දරුවෙක්...යාග හෝම නිසාම ඉතාම බලවත් ශක්ති සම්පන්න දරුවෙක්...ඒත් කාල වර්ණයෙන්....දරුවෙක් නොවුණු මව්පියන්ට දරුවගේ හමේ පැහැය හිතන්න තරම් වටින දෙයක් නොවෙද්දි අන්තිමට එයාලා ඒ පුංචි කුමාරයට නම් තැබුවා.....
"කාළිය"
එහෙම නැත්නම් "කාළ්".....
ඉතින් අවුරුදු ගාණක් ගත වෙලා යද්දි කුමාරයා හැඩි දැඩි තරුණයෙක් උනා.....ඕනම රාජ්‍යක් දිනා ගන්න පුළුවන් තරමට් සටන් කාමියෙක් උනා...ඒ වගේම කාළ වර්ණය තිබුණත් ඕනෑම කෙනෙකු වසග කරවන තරමේ රූප සොබාවක් හිමි උනා...ඊටත් වඩා පිරිමින් පවා මන බඳින තරමේ ගාම්භීරත්වයක්....පෞරුශයක් ..
YOU ARE READING
°°කාළ්°°⚠️️(Yizhan version ✔)
Fanfiction..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)