_____43🖤

1.4K 281 149
                                    


..

..

..









බෙර හඬ නැවතිලා..කොස් අත්ත කඩාගෙන පෙරෙත ආත්මේ යන්න යනවත් එක්කම හැමදේම විසදුනා කියල හිතපු මිනිස්සු වැඩි හරියක් ගෙවල්වලට යන්න ගිහින්...ගෑනු එක්ක ඉස්කෝලේ යන්න තියෙන පොඩි ලමයිනුත් බයටම ගෙවල්වලට දුවද්දි ඉතුරු වෙලා හිටියෙ පිරිමි විතරයි....ඒකත් හිත හයිය පිරිමි..පැනලා යන්න බැරිකමට...යන්තර ගුරුකම් විස්වාස නොකළත් හූ තියපු තාලෙට...වයසක මිනහෙක්ගෙ කටහඩකින් කතා කරපු තාලෙට ඇගට දාඩිය උනන තරමට බය උනු මං බැරිම තැන අම්මා එක්කම පුටුවකට බර උනා....වතුර බොන්න ඕනයි කියලා තිබහයි කියලා ගේ ඇතුලට ආව අදුනන වටේ පිටේ අය මොන මොනවදෝ ඇහුවත් නෑහුනු ගානට මං අම්මව පිටිපස්සෙන් තුරුලු කරන් හිටියා....ඇගේ එල්ලෙන්න එපා කියලා බනින්නවත් වෙනදා තරම් අම්මට සිහියක් තිබ්බෙ නෑ......



බෝනික්කව ගුරුන්නාන්සේ කෙනෙක් ට ආයෙමත් ගොඩගන්න බැරි වෙන්න වලලන්න බාර උනා..ඒ එක්කම දොල පිදෙනි තියපු ගොක්කොල පහන තුන්මන් හංදියකින් ගෙනිහින් දාන්න වටේ රැස්වෙලා හිටිය පිරිමි කීපදෙන්නෙක්ට බාර දුන්නා..ඒකත් ඒ තුන්දෙනෙක්ට වඩා යන්න ඕන කියලත්...යන පිරිසගෙන් එක් කෙනෙක්වත් තනි නොකර ආපිට නොබලාම එන්න ඕන කියන කොන්දේසිය එක්ක......මහ ගුරුන්නාන්සේ පුහුල් ගෙඩියක් අරන් බඩ උඩ තියාගෙන කඩුවකින් කපන්න ගත්තා.. පුහුල් ගෙඩිය සම්පූර්ණයෙන්ම දෙකඩ වෙනවා කියන්නේ මේ ගෙදරටවත් අපිටවත් ආයේ ආත්මෙකින් බලපෑමක් නැ කියන එක...අම්මා උදවුවට කියලා ගෙන්නගත්තු කිලී නැති නැන්දාලා ටික ගුරුන්නාන්සේලට දෙන්න කියලා තේ හදන්න ගියා...ඒ එක්කම තවත් ගුරුන්නාන්සේ කෙනෙක් මල්ලිව බිම ඉන්දවලා වාරු කරගෙන මතුරපු තැඹිලි ගෙඩියක් පොවන ගමන් හිටියා.....කොල්ලට තවම සිහිය නෑ...මං දන්න විදිහට සිහි නැතුව ඉද්දි කිසිම දෙයක් පොවන්න හොද නෑ....අඩුමගානේ වතුර උගුරක්වත්...අපිට P.Tවලට උගන්නනවා...ඒක මොලේ තියෙන මිනිහෙක් කරන දෙයක් නෙවේ...ඒ උනත්..මේ වෙලාවෙ කට ඉස්සර කරගන්න බැරි නිසා මන් වෙන දේ බලන් හිටියා....


කුනාටුවක් හමලා ඉවර උනා වගේ හැමදේම නිහඩවෙලා තිබුනා....ඒත්...හුගක් දෙනෙක්ට අමතක උනා මේ තරම් නිහකඩමක් තියෙන්නෙ අපි කුනාටුවේ "ඇහැ" මැදට ආවට පස්සෙ කියලා.....ටික වෙලාවකට නිවාඩුවක් ලැබුණා උනත් කුනාටුවේ ඉතිරි කොටස ඉක්මනටම කැරකිලා ආයෙත් කලින් වතාවෙ විනාස කරන්න බැරි උනු දේවල් නැත්තටම නැති කරන්න එනවා කියලා...




°°කාළ්°°⚠️️(Yizhan version ✔)Donde viven las historias. Descúbrelo ahora