_____50🖤 (අවසානය)

3.5K 358 204
                                    


..

..

..

"මගෙ වස්තුව"'

තවමත්......

තවමත් ඒ වචන මට අදහාගන්න අමාරු උනා....අන්දකාරයේම ඉදන් කන් පෙත්තකට හුස්ම වද්දන ගමන් කතා කරන එයාගේ දරාගන්න අමාරු ...කිසිදාක නොකීව ආදරනීය වචන එක්ක..මගෙ ආත්මෙම සලිත කරලා දැම්මා....අවුරුදු ගානක් මග බලන් ඉදපු..අහිමි උනාට පස්සෙ හිමි කරගන්න පතපු...බොදවෙලා ගිය හීනයක්.උනු එයා ඇස් පනාපිට යතාර්තයක් වෙලා මගෙ හුස්ම රැල්ල එක්ක තාලෙට හුස්ම අල්ලද්දි...පපුවට දැනුනු බර හැගීම් එක්ක මගෙ ඇස් කොන් තෙත් උනා......පිය උනු ඇස් කෙවෙනිවලට රහසින් මුමුනන ගමන් එයා ඒ සීතල දෙතොල් තද කරන වාරයක් පාසා නතර නොවීම කදුලු වාන් දැම්මා....

"උබේ මේ දිලිහෙන ඇස්.....තවමත් ඒවා මගෙ විතරයි....උබේ ඔය ඇස් වහන් කරන්න දගලන මේ ඇස්පියත් මගෙම විතරයි..."

එයා මුමුනනවා.....සර්වාංගෙම බර මට ඉතුරු කරලා.....දැනෙන නොදැනෙනට ගානට චූටි චූටි හාදු තියනවා.....එයා හීනයක් නෙවේ නේද කියලා තවමත් අදහාගන්න බැරිව විටින් විටේ ඇස් අරින්න හැදුවා උනත් ....ඇස් කෙවෙනි පියවිලා යන්නම එයා හාදු තවරනවා.....අවුරුදු නවයක් තිස්සෙ පාට මැකිලා මැලවිලා තිබුනු ඇස්පියවලට...අතොරක් නැතිවම එයා අයිතිවාසිකම් කියනවා...එක අතක් සියුම්ව කම්මුලක් උඩ එහා මෙහා කරන ගමන්....පියවුනු ඇස්වලට විතරක් එයා එයාගේ කියන්න හදනවා......

ඒ හැගීම...මට තවමත් දරන්න අමාරුයි...කවදාවත් නොලැබෙයි කියලා හිතුව උනුහුමක්.....නොපැතූ මොහොතක ආයෙමත් හිමිවෙලා තියෙද්දි....ඒ හැගීමේ බරටම මම හුස්මක් ඉහලට ඇදන් අත් දෙකෙන්ම එයාව තුරුලු කරගත්තා......ඒ උනත්...

ඒ උනත්...අත් දෙකෙන්ම තුරුලු කරගෙන ඒ පිටපුරා යැවුව මගෙ ඇගිලි එහෙමම නතර උනා....ඒ නිරුවත් පිට පුරා කවදාවත් නොදැනුනු තරම් අමුත්තක් දැනෙද්දි...පිට පුරා වේගෙන් ඇදිලා.ගිය අත එහෙම්ම අරන් ඇවිත් මං එයාගේ පපුව මැදට තද කලා....අත් දෙකම පිරෙන්න අල්ලන්න පුළුවන් තරමේ එයාගේ පිරුනු...ශක්තිමත් පපුව පුරාත් මං මගෙ අත් කලබලෙන් අරන් ගියා.....අන්දකාරෙම..කිසිම දෙයක් නොපෙද්දි...වේගෙන්..වේගෙන් ගැහෙන්න ගත්‍තු පපුවට වාරණ දාගෙන මං එයාගෙ අත් ගොබ දිගෙත්...කොටින්ම මූන පුරාත් බයෙන් බයෙන් වගේ ඇගිළි.ඇදගෙන ගියා.....

°°කාළ්°°⚠️️(Yizhan version ✔)Where stories live. Discover now