....
..
..කෝවිලේ සාමි මෙහෙ ආවා??.ඒ මොකටද....
ඇස් දෙකත් ලොකු කරන් මං කෑ ගැහුවෙ ඇත්තටම මේ උනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව ...කන්ද උඩ කෝවිලේ සාමි මොකටද මේ තරම් පහල බැහැලා අපේ ගෙදරටම එන්නේ ...අපේ ගෙදර අය බෙහෙතකටවත් කෝවිල් යනවා කියලද ..ඉඳලා හිටලා ගියොත් මිස මං නම් මාස ගානකින් කෝවිල් ගිහින් නෑ ...
....ඒක මං දන්නෑ...ඇහුවාම කිව්වේ නම් ගෙදර පිරිමි පරානෙකට කතා කරන්න කියලා..
..ඉතින් ...
..හහ්..ඉතින් කියන්නෙ ගෙදර ඉන්න එකම පිරිමි පරානෙ මකබෑවිලා ගිහින් හින්දා සාමි යන්න ගියා.....
දේශානි අක්කා ඔලුවට පාරක් ගහන ගමන් රවාගෙන වගේ කියද්දි මං කටත් ඇද කරන් එතන අතගාගත්තා....
...සාමි පිරිම් පරාන හොයන්නේ බිල්ලකට දෙන්නවත්ද දන්නෑ ...
..අනේ බිලිදෙන්නම වටින මිනිහා...
නක්කලේට වගේ හිනා වෙලා අක්කා ආයෙම මගෙ ඔලුවට ගහද්දි මං සද්දෙන් කෑ ගැහුවා...
..ඉන්ඩ දියන්කෝ රෙද්ද...වැඩේම මට ගහන එක ...මං යනවා යන්න...
..ඉතින් උබ ආවෙ මොකටද..අදත් හොරට ගෙදර නැවතුනානේ...හිටපන්කො මං අයියා ආවාම කියනවා මේකා ස්කෝලේ නොයා රස්තියාදුවේ යනවා කියලා..
..කියන එකයි ඇත්තේ...මං බය නෑ...මං ගෙදර හිටියෙ මට සනීප නැති නිසා....
උස් හඩින් මං කෑ ගහලා කියද්දි ගේ කුස්සියට යන්න ගිය අක්කා ආපහු හැරුනේ ඉනටත් අත් දෙක තියන් මගෙ මූනටම එබෙන ගමන්....
..කෝ බලන්න ඒ අසනීපයි කිව්ව මිනිහගේ මූන ටිකක්..
..අනේ මේ යනවද යන්න වදේ.....ඇයි අප්පා...පුදුම වදයක් උනානේ මේක.....
..ආ...ඔය කොහෙද යන්නේ...
..මං යනවා යන්න....
කොහොමත් පොඩ්ඩ ඇත්නම් නැට්ට ගිනිතියාගන්න මං අක්කටත් ගස්සලා මිදුලට බැස්සා ..හැබැයි යන්න කලින් ආයෙම හැරුණේ උලුවස්සෙ ගහලා තිබුනු වාක්‍යය දැකලා....
YOU ARE READING
°°කාළ්°°⚠️️(Yizhan version ✔)
Fanfiction..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)