..
..
..2014 වර්ශය
(අතීතය)
.
.
.
.
අභීන් P.O.V°°°°°
..ටක් ටික් ටක් ටික්...ඔරලෝසුව කැරකෙනවා...තප්පරෙන් තප්පරේ ටිකෙන් ටික ගෙවලා දාන ගමන් කටු කැරකිලා යනවා...නැවතීමක් නැතුව නැවතෙන්න ඕනකමක්වත් නැතිව..........
..මං හෙටවත් ඉස්කෝලේ යන්නද අම්මේ...
ඉර බැහැගෙන ගිහින් හිතන්නවත් වෙලාවක් නොදී රැය උදාවෙලා ඇවිත් තියෙද්දි අල්මාරියේ ඇදුම් නවන ගමන් හිටිය අම්මට මං හේත්තුවක් දැම්මා...හුරතලේට කටත් චුට්ටක් හදාගෙන....
..හෙට විතරක් ගෙදර ඉන්නකෝ මගෙ පුතා ම්...
..ඇයි හෙට විතරක් කියන්නේ..
..හෙටින් පස්සෙ හැමදේම විසඳෙන නිසා...
..මොනාද විසදෙන්නෙ...කියන්නකො අම්මේ...මොනාද අප්පා...
නෑහුනු ගානට අම්මා ඇදුම් නවන්න ගද්දි දිගින් දිගටම මං අම්මගේ අත හෙල්ලුවා....එයා මාව අයින් කරන්න හැදුවත් මූනත් ඇද කරන් මං ඒ ඇගටම ඇලුනා..හෙට විතරක් ඉන්න ඕන නෑනේ ඉතින් හෙටත් ගියාම ඉවරයිනේ..
..ඔය දගලන්නෙ නැතුව ඉන්න ලමයෝ...දගලලා දැන් ආයේ තුවාල පාරගන්නවා...
..මේක රිදෙන්නෙ නෑ අනේ...
මැනික් කටුව ගාව වෙලුම් පටිවලින් ඔතලා තිබුනු තුවාල කැලල ඇගිල්ලකිම් පිරිමදින ගමන් මං කතාකලත් අම්මා කලේ යාන්තමට ඔලුව දෙපැත්තට හොල්ලන එක...මට හිතෙන්නෙම එයා මට මොනාහරි කියන්න හදලා නොකියා ඉන්නවා කියලාමයි....
..අම්මා හිතන්නෙත් මං කෙල්ලෙක් හින්දා අත කපාගත්තා කියලද...
..මොනාද ඔය කියන්නේ පොඩී..කවුරු නැතත් මං දන්නවනේ මගෙ පුතා එහෙම නෑ කියලා..
ESTÁS LEYENDO
°°කාළ්°°⚠️️(Yizhan version ✔)
Fanfic..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)