_____42🖤

1.3K 282 52
                                    

..

..

..

Abhiya ' s P.O.v°°°°°

මේ මොනවද වෙන්නෙ කියන්න තවටත් මට හිතාගන්න බෑ.....දැනගන්න ඕන උනත්....කිසිම දෙයක් කියන්නෙත් නෑ.....

මං තවත් එක අඩියක් පිටිපස්සට තියලා අම්මට මුවා උනා...සාලේ ජනෙල් කූරු අස්සෙන් පෙනුනා මිස අම්මටවත් මටවත් එලිබහින්න තහනම් වෙද්දි...හිත පුරාම පැතිරුනු මොකක්දෝ අමුතු හැගීමත් එක්ක මං තව ටිකක් අම්මගේ ඉන ගාවින් සාය මිරිකල අල්ලගත්තා...

..අම්මා...

..ශ්....

..ඒත්...

..කටවහන් ඉන්න ලමයෝ..

..අනේ අම්මා මල්ලි..

..කිව්වනේ එකපාරක්...කියවන්න්‍ර් නැතුව ඉන්නවා...

මං කට ඇද කරගත්තා...රහසින් උනත් මුමුනන ගමන් අම්මා කලේම මට බනින එක වෙද්දි...අම්මට පිටිපස්සෙන් ඇද කරලා මං තව ටිකක් බෙල්ල දාලා වත්ත දිහා බැලුවා...

මට තේරෙන්නෙ නෑ මේ මොනාද වෙන්නෙ කියලා...මන් ස්කෝලේ ඇරිලා එනවත් එක්කම සුදු සරම් ඇදන් සුදු කමිස ඇදගෙන හිටිය පිරිමි තුන් හතර දෙනෙක් අපේ වත්තේ පිරිලා හිටියා...අම්මගෙ හරි තාත්තගේ හරි නෑයෝ වගයක් වෙන්න ඇති කියලා මං හිනා උනත් එක් කෙනෙක් නෙවේ ආපිට හිනාවක් දුන්නේ..අඩුම ගානේ ගේට්ටුව ඇරෙන සද්දෙට මං එනවා දැකලා හැරිලා බැලුවා උනත් ඒ පිරිමි හිටියෙම මාව දැක්කෙ නැ වගේ..මාව නොපෙනී ගියා වගේ.... ඒ මිනිස්සු අතේ තිබුනෙත් ජීවිතේට දැකලවත් නැති අමුතු අමුතු ජාතියේ දේවල් වෙනකොට හිතට බයක් දැනුනු නිසාම මං ඉක්මනට අම්මා හොයාගෙන කඩාගෙන බිදගෙන වගේ දිව්වෙ ගේ ඇතුලට...



වෙලා තියෙන්නෙ මොකක්ද කියලා අහගෙන ගෙට දුවාගන්න ඕන උනත් අම්මා කියලා කෑ ගහන්න කට අරිනවත් එක්කම මගෙ කට නිකන්ම වැහිලා ගියේ මං මේලෝකේ දකින්න අකමැතිම දෙයක් මගෙ ඇස් පනාපිට දකින්න වෙලා තියෙද්දි....මටත් නොදැනී ස්කූල් බෑග් එක බිමට අතෑරෙද්දි වෙනදට එළියෙන් සපත්තු ගලවන මං අද සපත්තු පිටින්ම ගේ ඇතුලට දිවුවා....


°°කාළ්°°⚠️️(Yizhan version ✔)Tempat cerita menjadi hidup. Temukan sekarang