_____11🖤

2.1K 381 14
                                    

..

..

..

..

..

2023 වර්ශය
(වසර නවයකට පසු)

..ටක් ටික් ටක්
ටක් ටික් ටක්
ටක් ටික් ටක්....

..ඉතුරු ටිකත් කියන් යන්න අභීන්....

හැමදාමත් වගේ හුස්මක් ගන්නවත් නතර වෙන්නෙ නැතුව එහෙටත් මෙහෙටත් දුවන සුදු ජාතික මිනිස්සු දිහා බලාගෙනම අයියා කතා කරද්දි....අතේ තිබුනු කැපචීනෝ එකේ හාට් එක නැති කරලා දාන්න මං ඒක ඇතුලට හැන්දක් එබුවා......

..ඉතුරු ටික ඕනමද..

..ඕන නේන්නම් මෝඩයෝ...ඉතුරු ටික ඕන නැත්නම් මං කාලේ කාගෙන මෙතනට එන්නෙ නෑනේ ..

..ඔයා කාලෙ කන්නෙ ඔයාගෙ ඕනකමක් හින්දනේ....ඒත් මං මෙතන කාලේ කන හේතුවක් නෑනේ....අයියා දන්නවනේ මං ගෙවන්නෙත් නිදහස් ජීවිතයක් නෙවේ කියලා.....

..හම්බ කරන්නම නහින්නෙ නැතුව මේ වගේ පොඩ්ඩක් නිදහස් වෙලා කතා කරන එක ඔයාටම හොදයි අභීන්.....


එකම බයිලේ අදත් ගහද්දි උගුරක් දෙකක් බීපු කැපචීනෝ එක මං ආයෙමත් හැන්දෙන් කලතන්න ගත්තා....හරියට අපේ එකී ඉස්සර ඇතිලි බදාගෙන හොද්ද හැදි ගානවා වගේ.....

..ඒහ්...

..පොඩි ළමයෙක් වෙන්නෙ නැතුව කතාව කියනවකෝ..

එකපාරටම අයියා මගෙන් හැන්ද උදුර ගත්තා.....මං අත දික් කරලා කෑ ගහන්න යද්දිම ඒක ටිශූ එකක් උඩින් තිබ්බ එයා මේසෙ පැත්තට පුටුව ඇදගත්තා...ඊලගට කියවන ගමන් හිටිය තඩි පොතත් පැත්තක දාලා ඇස්වලට දාන් හිටිය කන්නාඩි දෙක ගලවලා පොත උඩින් තිබ්බා.....

...මට බෑ....මන් කියන්නෙ නෑ...

...මුරන්ඩු වෙන්න එපා ලමයො...ඉතුරු ටිකත් කියන්නකෝ.....

..ඇයි මාවම ..වෙන කෙනෙක්ව හොයාගන්න එකනේ ඇත්තේ...ඔයිතරම් අමාරුවක් තිබ්බ න්ම් මෙහෙ ඉදන් නහින්නෙ නැතුව යනවකෝ ලංකාවට...


නොරිස්සුම් හඬකින් මං දිගටම කියවන ගියා....ඒ මෝඩයට මගෙ කියවිල්ල හොදට පුරුදු නිසා හීන් හිනාවක් දාගෙන කම්මුල් දෙකට අත් දෙක තියන් බලන් ඉද්දි මං කලේ හොදටම රැවුව එක.....

°°කාළ්°°⚠️️(Yizhan version ✔)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin