..
..
..
..අභීන් මේ දොර අරිනවා...
අභීන්....
තමුසෙට පිස්සුද ආහ්...උනක් තියන් ඕක අස්සට වෙලා මොනාද කරන්නේ...මගෙන් මැරුම් නොකා වරෙන් එලියට...
...අභීන්....!!!....
දඩස්...
දඩස්.........
එකපාරක් ...
දෙපාරක්...
නෑ ඊටත් වඩා සැරයක්..කැඩිලා යන්න තරම් වේගෙන් අක්කා දොරට ගහගෙන ගහගෙන යනකොට..නෑහුනු ගානට මං තව තවත් බිමට ගුලි උනා.....සීතල වතුර කද එකම රටාවකට පහල්ට ක්ඩන් වැටිල මාව තෙමාගෙන යනකොට......හිස් මුදුනේ ඉදන් සර්වාංගෙම දිය කරලා අරිනකොට...මූන දනිස්ස අස්සෙ ගහගෙනම මං හැංගෙන්න බැලුවා...ලොකූගෙන්...මේ ලොකෙන්..කොටින්ම මගෙන්ම පවා මං හැංගෙන්න හැදුවා....
ටක්
ටක්
ටක්.........වතුර කරාමෙන් කඩා වැටුණු වතුර කදටම ඇස් කොන්වලින් බේරුනු උනුම උනු කඳුළක්...මගෙ වේදනාව විතරක් අහලා ..කම්මුල් දිගේ පල්ලම් බැහලා යන්න යනකොට...වතුර කදත් එක්ක නොපෙනීම ගිහින් මාව තනි කරලා දාන්කොට...හුස්ම අල්ලන ගමන් මං ඉකි ගැහුවා......ඔලුව මැදටම වැටුණු වතුර කද කෙහෙරැලි දෙපැත්තට කරගෙන නහය මැදින් ගලන් ගිහින් කෙලින්ම බිමට වැටෙද්දි..හුස්ම අල්ල අල්ල මං ඇඩුවා...
අවසානේ මට කතා කරලා කතා කරලා එපා උනු ලොකූත් සද්දයක් නැති වෙද්දි....ඉකි ගහලම බැරැන්ඩි උනු උගුරට තව තවත් වේදනාව පටවන ගමන් මං පපුව මිරික ගත්තා....අත් දෙකෙන්ම එයා වෙනුවෙන් හැගීම් වෙන් කරපු පපුව මං මිරිකගෙනම ඉකි ගැහුවා.....
ඒක බොරු නේද කාළ්..
මට කියන්න.....ඒක බොරු නේද..මං ඒ දැක්ක දේ....ඒක මගෙ ඇස්වල මායාවක් නේද.....මං වෙනුවෙන්වත් කවදාකවත් ඔය මූනේ ඇදුනේ නැති ලස්සන හිනාව....ඒක වෙන කෙල්ලෙක්ට ලැබුනු එක....ඒකත් බොරුවක් නේද.....අත් දෙකෙන්ම එයාව තුරුලු කරන් ....ලෝකෙම අත් උඩ තියෙනවා වගේ දෙපැත්තට වැනුනෙත් බොරුවට නේද...හැමදේම උන විකාරයක් නේද...මං ඒක දැක්කේ බොරුවට නේද....
STAI LEGGENDO
°°කාළ්°°⚠️️(Yizhan version ✔)
Fanfiction..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)