..
..
..
Abhimya' s P.O.V°°°°°
පොඩි කදු පල්ලමක් එක්ක හිත නිවෙන විදිහට හදලා තිබුනු පොඩි උනත්...පින්පාට පන්සල ළඟදි මගෙ වේගේ බාල වෙලා ගියා...තේ වතු මැද තිබුනෙම කෝවිල් වෙද්දි..කලාතුරකින් දකින්න ලැබෙන පන්සලට ජාති ආගම් භේදයක් නැතුවම සැලකිලි ලැබුන...ලොකු හාමුදුරුවෝ උනත් ලොකු අතුවලින් උදවු නොගෙන පින් කැටේට හම්බෙන පඩුරුවලින් විතරක් පන්සල නඩත්තු කරන් යද්දි...අර මල් වැස්සයි මේ මල් පූජාවයි කියලා ඇමති අතුවලින් උදවු ගන්න පන්සල් අතරේ අපේ පන්සල පොඩිම පොඩි පන්සලක් උනා......
සමහර තැන්වල පන්සලක් කියන්නෙම බැඳීම් අත හරින තැනක් උනාට.....ඒ බැඳීම් අතහරින්න මුල පුරන හාමුදුරුවෝ ම කරන්නේ අත් හරිනවා වෙනුවට පන්සල නමින් ධනය ගොඩගහන එක......
..මන් එන්නම ඕනද අම්මා.....
පන්සලේ තාප්පේ ලන් වෙනවත් එක්කම මං අහද්දි අම්මා මට රැවුවේ ජරා ගොඩක් දිහා බලනවා වගේ....
...කකුල් දෙක උඩදාගෙන ටීවි එක දිහා බලන් හිටියාම සේරම හරිනේ...පිනක් දහමක් කරගන්න එපා...
..පින් දහම් කරගන්න මං නාකි නෑනේ..
..නාකි?..මේක පන්සල හින්දා මට පවු පුරෝගන්න බැ...නැත්නම් මං කියනවා හොදවයින් එකක් එනවා යන්න....
එනවා යන්න කිව්වට පිටට එකක් ගහගෙනම අම්මා මාව ඉස්සරහට තල්ලු කලා...අතේ මල් වට්ටියකුත් තියාගෙන ඒ අතේම තෙල්,හදුන්කුරු දාපු පන් මල්ලත් මන් එල්ලන් යද්දි යස අගේට ගෙදර පොඩි එකා අම්මට හේත්තුවක් දාගෙන එයා පස්සෙන්ම ඇදුනා...ඌටත් නිකම් මේ ඇවිදගන්න බෑ වගේ බොරු හුරතලේ දාන්න අම්මගේ අත බදාගෙන මොනාදෝ කන් කෙදිරි ගානවා..අම්මත් ඒවට හූමිටි තියන ගමන් ඔලුව අතගානවා..දෙයියනේ දෙයියනේ මෙහෙමත් වෙනස්කම්..හැම ගේකම ලොකු එකාට මෙහෙමද දන්නෙ නෑ සලකන්නේ..
...අම්මේ..ඔයාට චූටි කොල්ලට පන්සල් යන්න බෑනේ..
..බෑ කියලා බෑනේ පුතේ...ලොකු හාමුදුරුවෝ නේ එන්න කිව්වේ..
ESTÁS LEYENDO
°°කාළ්°°⚠️️(Yizhan version ✔)
Fanfic..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)