....
..
Abhin 's P.O.V°°°°°
...ම්හ්ම්....
අදත්...
හැමදාම වගේ අදත් මට කෙඳිරි ගෑවුනා....
හේතුවක් දන්නෙ නෑ...
හෙව්වට විසඳුමක් ලැබුනෙත් නෑ...
ඒ නිසාම...
අදත් පුරුදු බඩේ කොරේ එක්කම මං නැගිටින්නෙ නැතුව ඇද උඩ වකුටු උනා...
මං කන කෑමවල මොනාහරි අවුලක්ද...නැත්නම් කවුරු හරි මේ චූටි කොල්ලට මිරිස්වත් අබරලද...ම්හුම්..දෙයියෝ තමා දන්නේ ඉතින් ...
කොටු කොටු ඇද රෙද්ද බෙල්ල වැහෙන්නම දාගෙන මං දනිස් දෙක පපුවට ලන් කරන් තවත් ගුලි උනා......ඇගම තලලා දාලා වගේ...නිකම් දහ දෙනෙක්ගෙන් ගුටි කාල වගේ...රිදෙනවා කියනවට වඩා ඒක නිකම් ඇග පුරාම යන දැවිල්ලක් වේදනාවක් වගේ......
මට බෑ රෙද්ද......
හැම මාසෙකම මගෙ මෝඩ අක්කියා ඇද උඩ ගුලි වෙලා අඩ අඩ ඇබරෙනවා වගේ මාත් කෙදිරිගාන ගමන් ඇබරුනා....කොට්ටයක් අරන් කකුල් දෙක අස්සෙ ගහගෙන එහාටත් මෙහාටත් පෙරලුනා...කාපුවා දිරවන්නෙ නැතුව ඇග ඇතුලෙන් සිමෙන්ති දාලා වගේ හැඟීමක් දැනෙන්න ගද්දි මටවත් ඉවසගන්න බැරි තැන මං තවත් කොට්ටයක් කකුල් අස්සට ගහන් මුනින් අතට හැරුනා....
ඒක ඊට හපන්.....
තවත් ඉවසලා ඉවසලා බැරිම තැන පිස්සෙක් ගානට කොන්ඩෙත් අවුල් කරගෙන මං ඇද උඩ වාඩි උනා ....වහපු ජනේලෙත් බිත්තිය අතරෙත් තිබුනු හිඩැසක් අස්සෙන් ඉර එළිය පෙරිලා මූනට වැටෙද්දි මං වෙලාව බැලුවා....හ්ම්..අලුත් වාරෙ අලුත් පන්තියක්...ඉස්කෝලෙ යන්නම ඕන...ඒත්.....අදත් බෑ...තවම මට කෙලින් ඉන්න පුළුවන් කියලා හැගිමක් දැනෙන්නෙ නෑ ...
ඇද උඩ තිබුනු නිරුවත් යටි පතුල් සීතල ටයිල් පොලොව උඩ නතර වෙනවත් එක්කම පොරවන් හිටිය ඇද රෙද්දත් ඒ එක්කම දෙපා මුල කඩන් වැටුණා...
හ්ම්...
මට හුස්මක් පිට උනා.....
අදත්...
YOU ARE READING
°°කාළ්°°⚠️️(Yizhan version ✔)
Fanfiction..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)