..
..
..
2014 වර්ශය
(අතීතය).
..
මට කම්මැලී...
ඉක්මනටම ගිහින් එන්නම් කිව්ව අම්මා මද්දහන පහුවෙලත් ආවෙ නැතිකොට මට ගෙදර ඉන්න පුදුම තරමේ පාලුවක් දැනුනා...ගෙදර ටීවි එකක් තිබුනා උනත් මද්දහන නිසාම ගියේ ෆිල්ම් විතරක් වෙද්දි කවදාවත් නැතුව මට ඒවා බලන එකත් එපා වෙලා ගියා....ITN එකේ නම් දෙමල විජේගේ...ඉලයතලපති විජේයිගේ පරන මූවි එකක් ගියා...අපෙ අම්මා නම් නිවාඩුවක් ලැබුනු ගමන් හරි ආසාවෙන් වැඩත් පැත්තක දාලා බලන තරමට විජෙයිගේ මූවිස්වලට ආස උනු නිසාම මාත් නොබැලුව එකක් තිබුනේ නෑ...විජෙයි කිව්වට එයාගේ ඇත්තම නම ජෝසප් විජෙයි...හින්දු කියලා හිතන් හිටියට එයා ඇත්තටම ක්‍රිස්තියානි කෙනෙක්....මොකක්දෝ මන්දා හේතුවකට විජෙයිගේ වයස පෙනුනෙ නැති උනත් එයාට දුවෙකුයි පුතෙකුයි දෙන්නෙක්ම ඉන්නවා...ඒත් ගෑනු පිරිමි භේදයක් නැතුව දෙගොල්ලම විජෙයිට කැමතියි....එහෙම කිව්වට එයාගේ මහ ලොකු ලස්සනක් නෑ...එයාට වඩා ලස්සන ..මසල්ස් තියෙන නලුවෝ ඕන තරම් ඉන්නවා...එත් ඉතින් විජෙයි ඇහිපිල්ලමක් ගැහුවත් ඒක පපුවෙ කොනක ගිලිලා අපිට කරන්ට් එක වැදෙන්න එන තරමට එයාගේ ඇක්ටින් නම් පිස්සුවක්.....
මං චැනල් එක මාරු කලා...දැන් යන්නෙ විල්ලු මූවි එක...ඕක නම් මං දෙබස් කටපාඩම් වෙනකම් බලලා තියෙනවා...විජෙයි නයනතාරගෙන් කිස් එකක් ගන්න ඕන උනා වතුරට පැනලා බොරුවට සිහිනැති උනා වගේ රගපාන කොටස ප්ලේ වෙද්දිම මං චැනල් එක මාරු කලා...ඇයි අප්පා කිස් සීන් එක පෙන්නන්නවා නම් හරියට පෙන්නන්න ඕන....නයනතාරගේ කොන්ඩෙන් මුන වැහෙනවත් හරි මෙලෝ සන්තානයක් පේන්නෙ නෑ....අනික් චැනල්වල යන්නෙ කලු සුදු සිංහල මූවිස් වෙද්දි විජේ කුමාරනතුංගගේ 'රන්දෙනිගල සිංහයා' මූවි එකදිහා විනාඩි ගානක් බලන් ඉදලා මං ටීවි එක ඕෆ් කලා....බලන්න කියලා මෙලෝ දෙයක් නෑ...සේරම යන්නෙ බලපුවා.....
අපේ ටීවි එකට රිමෝට් එකක් තිබ්බෙ නෑ...ටීවි එක ගාවම බිම එරමිනියා ගොතාගෙන ඉදන් බට්න් ඔබන ගමන් හිටිය මං මහ සද්දෙන් "ටොයින්" ගාන්න පවර් බට්න් එක ඔබලා බිමින් නැගිට්ටා.....ටීවි එකේ රතුපාට එළිය ටිකෙන් ටික මැකිලා යද්දි මං ස්විච් එකත් ඕෆ් කරලා ඇන්ටනා වයර් එක ගැලෙව්වා...
ESTÁS LEYENDO
°°කාළ්°°⚠️️(Yizhan version ✔)
Fanfic..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)