11 වෙනි කොටස 🧪

1.4K 177 110
                                    

Comment goal 100 පැන්නුවොත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Comment goal 100 පැන්නුවොත්...දිගඅඅඅඅඅ....එකක් දෙනෝ....

Chapter හොදේ.....කැත විඳියට උඹල හිතුවා...I know you know....ඌනො...




හවස period ඔක්කොම හිටු කියලා උගන්නව්වා...හවස තිබුණේ combined maths double period...ආයේ අන්තිම period එක PT period එක... කොල්ලො ආසම...

පිටට්ටනියට බැහැලා cricket ගහන්න, නැත්නම් foot ball ගහන්න, වොලි බෝල් ගහන්න අපි පට්ට ආසයි...

අපිට ස්කොලෙ combined maths උගන්නන්නේ ශෙහාන් sir ...මට දිරවන්නෙම නෑ..මොකද පොර නිසා මට දන්න ගණන් ටිකත් අප්පිරිය වෙනවා...මට sir කාරයා එපා වෙන්න ලොකුම හේතුව වුණේ මුගේ වැදී බණ...මොකද ආපු වෙලේ ඉඳන් කරන්නෙ අපිට බනින එක...ටියුෂන් class තමයි sir ගෙ ප්‍රධාන මාතෘකාව....

මෙහෙමනේ බන් ලංකාවේ Al කාලෙ භීෂනය ගත්තම ලොකුම ප්‍රමුඛතාවය තියෙන්නෙ ස්කොලෙට වඩා අමතර පන්ති වලට..ඒක කොලඹ විතරක් නෙවෙයි ලංකාවේ හැම පලාතටම පොදු දෙයක්...ඉස්සරම ඉතින් ඕක ලොකුවට තිබුනෙ නෑ තමා..ඒත් ලෝකෙ දියුණු වෙද්දී ඒක රැල්ලක් වුණා..අද කාලෙ අමතර පන්ති යන්නේ නැති ළමයි හොයාගන්න නැති තරම්..සල්ලි තියෙන , නැති මොන මොන ආර්ථික තත්වේ හිටියත් අම්මල තාත්තල ළමයිව ටියුෂන් යවනවා...

ඉතින් කොහොමත් ගොඩක් ලමයි ස්කොලෙට වඩා ප්‍රමුඛත්වය දෙන්නේ ටියුෂන් ගුරුවරුන්ට...ඉතින් බං ස්කොලෙ ගුරුවරුන්ට තරහා යන එක එහෙම බැලුවම සාධාරණයි...ඒත් ඉතින් අපේ sir බනින්නේ නම් පැහැදිලි ඉරිසියාවට..අපේ sir මහා පරිමාණයෙන් ටියුෂන් කරන්නෙ නෑනෙ...හැබැයි පොර class කරනවා..අපි ඒවාට එන්නේ නෑ කියලා තමා මෙයාට ගොඩක් ජෙල...

යන්න ඉතින් ආසාවක් තියෙන්න ඕනනේ...අපේ ශෙහාන් කාරයා පට්ට boring බං..sak නිදිමත කියල විහිළුවක් වත් කරන්නෙ නෑ...ගුරු අත් පොතේ උදාහරණ ගාණම පොත බලාගෙන හදනවා...එපාම වෙනවා....

_ආදර_සමීකරණ_Where stories live. Discover now