18 වෙනි කොටස 🧪

1.3K 150 73
                                    


දන්නෙම නැතුව මළ ගෙදර හත් දවසත්  ඉවර වුණා..අය්යලා ආයේ campus ගියා... හිමංශු අයියගෙ දඬු මොනරේ එයාලා එක්ක එහෙ ගියා.... මෙහේ  ඒක  නිකන් පදින්නේ නැතුව තියන්න බෑනෙ...නිකන් සවුත්තු වෙයි..අපරාදේ..ලක්ෂ ගාණක් වටින bike එක...

මුළු ගෙදරම පාළු වෙලා උන් ටික නැතුව...ආයේ ඉතිං අවුරුදු නිවාඩුවට තමා කට්ටිය හම්බවෙන්නේ.....

අම්මා නම්  කිව්වේ මේ පාර අවුරුද්දට ගමේ යනවා කියල..ඒත් ඉතිං ඕක යනකන් sure කරන්න බෑ...මොකද ඉතිං මගේ පලවෙනි වාරේ ලකුණු ඕකට බල පානවනේ බන්...

පුරුදු විඳියට මේ දවස් ටිකේ ස්කොලෙ වැඩ සාමාන්‍ය විඳියට කෙරීගෙන ගියා...අපිට බන් ස්කොලෙ පටන්  ගත්තෙ හරියට අවුරුද්ද මුල නෙවෙයි...ගිය අවුරුද්දේ අන්තිම මාස වල වගෙ...එතකොට තව පලවෙනි වාර විභාගයට මහ දවසක් නෑ...මාසයක් වගෙ තියෙන්නෙ....

කට්ටිය නම් කියන්නේ පලවෙනි වාර විභාගේ නම් මොකක්ද කියල...ඔව් ඉතිං ඒකට මහ ගොඩක් එන්නේ නෑනෙ...ඒත් ඉතිං පුතේ  ol exam ලියනවා වගේ තමා Al වල first term text එක....මහ ගොඩක් තියනවා....එතකොට ඉතිං Al exam ගැන කවර කතාද....

මහ සාගරය වගේ subject 3 ක්...දෙවියනේ Al කියන්නේ...හිතාගන්න බෑ කොහොම මේවා ඔලුවේ පුරව ගන්නද කියලා...සූත්‍ර දහස් ගානක් ,ප්‍රමෙයන්, practical....කීයක්ද.....

තාම අපි ඉන්නේ මුල...තව එහෙමම....ඕවා මතක් වෙලා මගේ ඔලුවත් රිදෙනවා...ඔක්කොම එක්ක ස්කොලෙ ඉස්සරහට ගොඩක් වැඩ වෙනවා...ඉස්සරහට basketball මැච් එනවා, එතකොට foot ball...මටත් තයිකොන්ඩො tournament එනවා...නිවාඩු  දෙන්න කලින් අවුරුදු උත්සවේ...ඒ  අස්සේ ළඟ ළඟම එන colour day එක.....

Colour day එක කියන්නේ බං අපෙ ස්කොලෙට විඳියට section අතර සහයෝගය වර්ධනය කරන වැඩසටහනක්...මොකද ඉතිං Al වල තියෙන section වල ඉන්න අලුත් ළමයි ,එයාලා කොහොම අයද කියලා වත් අපි  තවම හරියටම දන්නෙ නෑනෙ....

එක එක section වල දක්‍ෂතා පෙන්නන්න, සහයෝගයෙන් වැඩ කරන්න තමා මේකේ අරමුණු වෙන්නේ...රණ්ඩු වලි බෑ...මුලදි නම් ඕක run කරන්නෙ Art section එක තමා...maths, bio එවුන් පළාතේ යන්නේ නෑ...පස්සේ  ටීචර්ලට මල පැනලා ඕක competition  එකක් කරේ එයාලා හිතලමයි...මොකද එතකොට තරඟකාරි වෙන නිසා...

_ආදර_සමීකරණ_Donde viven las historias. Descúbrelo ahora