ඉතාලියේ සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණයක 67 මහලේ උස වීදුරු ජනෙලයකින් එළියට දිළිසෙන තද කළු පාට බෝල ඇස් දෙකක් කුතුහලය මුසු ආසාවෙන් යොමු වෙලා..අන්තර්ජාලයේ පින්තුර වලින්,ඩෑඩ්ගේ video call වලින් විතරක් දැකපු ලෝක ප්‍රසිද්ධ ලස්සන ඉතාලි නගරයේ සජීවී දර්ශනයක් ජානුක්‍ය දේවානාරයනගේ ඇස් ඉස්සරහ ජීවමාන වෙලා..ඔව් ඔහු ඉන්නෙ ඒ සජීවී ලස්සන දරාගන්න බැරුව...
ඉතාලිය කියද්දී ඉස්සෙල්ලම මතක් වෙන්නේ ගෝල් දේශයයි, රෝම දේශයයි පදනම් කරගෙන ලියවුණු cartoon එකක්..සූර පප්පා. .මතකයිනේ..
රෝමානු වරුන්ගේ මූලාරම්භය එන්නේ ඉතාලියෙන්. .යුරෝපිය පුනරුදය ඉතාලියෙන් ඇරඹෙන කොට කලා කෘති,විද්යා, ගණිත අංශ වලින් බොහෝ නව සොයා ගැනීම් ලෝකෙට හඳුන්වා දුන්නෙ මේ ඉතාලි ජාතිකයන්..ලෝකෙ දැනටමත් ජනප්‍රිය කෑමක් වෙච්ච පීට්සා ලෝකෙට හඳුන්වා දෙන්නෙත් ඉතාලි ජාතිකයන්. .
ඉතාලිය කියන්නේ වැඩිම ලෝක උරුම වලට හිමිකම් කියන රටක්..ඒ අතර වැනීසිය, ටොරන්ස්, රෝමය ප්‍රසිද්ධයි, වැඩිම කෞතුකාගාර හිමි රටක් ලෙසත් ඉතාලිය හදුන්වන්න පුළුවන්. .(3000 ක් වගේ) මේවා අවුරුද්දකින් වත් බලලා ඉවර කරන්න වෙන්නේ නම් නැ..කලා නිර්මාණ වලට, ලස්සනම location තියෙන ඉතාලිය ඩේවිඩ් ප්‍රතිමාව නිමවූ මයිකල් ආන්ජලෝ, මොනාලිසා මැවූ ලියනාඩෝ ඩාවින්චි වැනි විශිෂ්ටයන් බිහි කළ රටක්..ඉතිං මෙය කලාකාමීත්වයේ ඉහලින් වැජඹෙන රටක් කිව්වොත් වැරදි නෑ..
පිහිටීම අනුව ඉතාලිය කියන්නේ දකුණු යුරෝපිය රටක්.ඉතාලි ජන රජය ලෝක සිතියමේ සපත්තුවක හැඩේට පේනවා. .පෘථිවියේ විශේෂ භූ විෂමතා තියෙන අලංකාර රාජ්‍යයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්..රටේ බටහිර ,දකුණ නැගෙනහිර ප්‍රදේශ ආවරණය වෙලා තියෙන්නේ මධ්‍යධරණී මුහුදෙන් .ඒ වගේම ඉතාලි උතුරු ප්‍රදේශයේ තියෙන්නෙ ලෝක ප්‍රසිද්ධ සුන්දර ඇල්ප්ස් කදු වැටිය..යුරෝපයේ තියෙන සක්‍රීය ගිනි කඳු 3 නම පිහිටා තියෙන්නෙ ඉතාලියේ..ඒ අතරින් එට්නා ගිනි කන්ද නම් ඔයාල අහලත් ඇති..සින්දු වලත් තියනවනේ..ඉතාලියේ අග නගරය රෝමය..
KAMU SEDANG MEMBACA
_ආදර_සමීකරණ_
Nonfiksiමා විසදූ දහසක් සමීකරණ අතර අසීරුම..නමුදු ආදරණීයම සමීකරණය ඔහු විය!