15 වෙනි කොටස 🧪

1.3K 166 77
                                    

ගෙදර ආවා විතරයි මතක...දඩ බඩ ගාලා ඇග සෝදගෙන තිබ්බ දෙයක් කාලා එහෙමම ඇදට වැටුණා වැටුණමයි ආයේ මැරුණා වගේ නින්ද ගිහින්...හෙට ඉතිං නිවාඩු දවස නිසා ආයේ home work කරන්න තියා මොන මගුලක් වත් කරන්න කලින් මාව නිදි මත වෙලා අරන්...

අපි ගෙදර එද්දි 8 විතර ඇති..අම්මා ඇවිල්ලා හිටියේ..අම්මට night නෑ ඊයේ...හෙට හිමංශු අයියගෙ මරණේ දවන නිසා campus එකෙන් ආපු එයාගෙ යාළුවෝ තවම ඉන්නවා...දවල් වරුවේ නම් නෑ..ඒත් එයාලා නිදා ගන්න අපෙ ගෙදර රෑට එනවා ..කන්නේ බොන්නේ ඔක්කොම එහෙන්..

මෙහෙ ඉතිං ඕවා කරන්න අපේ අම්මා නිතරම ගෙදර නෑනෙ...අපිත් නෑ...අයියලා එහෙමත් මේ ටිකේ මළ ගෙදරමයි  .තනි රකින්න එපැයි...මළ ගෙවල් පාළු වෙන්න හොඳ නෑලු ...ඒකනෙ බං ඔය 7 දවසක් යනකම් මල ගෙවල් වල කට්ටිය තනි රකින්නේ...

කාල බීලා කලින්ම නින්දේ ගියා වගේ නෙවෙයි මට මධ්‍යම රාත්‍රී යක්කු ගස් නගින වෙලාවට ඇහරුනා.. අද ඉතිං මට ආයේ මගේ  කාමරේ හම්බ වුණා..ඒකේ හිටපු එවුන් පහල කෙල්ලො භය නිසා උන්ගෙ තනියට ගිහින්  .එදා මං භය වුණ සීන් එකෙන් පස්සේ...ඉතිං දේවියනේ කියල මම මගේ ඇදේ සැපට නිදා ගත්තෙ....

සෝසේ  මගේ ඇදේම අනිත් පැත්තට කොට්ටයක් දාගෙන මගෙ කකුලක් බදාගෙන කට කෙළ පෙරාගෙන ඌරු පැටියා වගෙ නිදි...එදා භය වුණාට පස්සේ අපි රෑට නිදා ගද්දි සම්පූර්ණයෙන්ම light off කරන්නෙ නෑ.....තවම ඉතිං 7 දවසක් වත් ගිහින් නෑනෙ බන්...

මම  අත පත  ගලා phone එක හොයාගත්තේ සීට් එක අස්සේ පැටලිලා ඉද්දි...මගේ සූටි සත්තලම් ජංගම දුරකථනය කොච්චර නම් ඇදෙන් දඩොං වෙලා ඇත්ද...ඒත් තවම එක ඉරක් ගිහින් නෑ...hum....

මෙහෙමයි ඉතිං..මගෙ කාමරේ බිමට...ඒ කියන්නේ ඇද ගාව ඒ හරියට අර බූල් බූල් කාපට් එකක් දාලා තියෙන්නෙ...මොකද ඉතිං මං ඇදේම ඉන්නෙ නෑනෙ..බිමත් පෙරළී පෙරළී ඉන්නවනේ..අන්න ඒකයි ...

මට හිතුනම වෙලාවකට..ඔය රස්නෙ වෙලාවට එහෙම..නිකන් රෙද්දක් දාල..කොට්ටයක් අරන් ගිහින් ඔය කාපට් එක උඩ නිදා ගන්නවා...එහෙම මරු...

ඉතිං ඔන්න බන් වෙලාව 10 30 යි....සාමාන්‍යයෙන් මං රෑට ඔය ස්කොලෙ වැඩ කරලා, class වැඩ කරල...wtsp පැත්තෙ ගිහින් ඔප දූප ටිකක් හොයාගෙන...fb එකේ උඩට පහලට ගිහින් වල් පල් ටිකක් බලලා...stress රිලීස් වෙන්න run bts episode එකක් හරි ගවී අක්කගේ හරි, හසිත අයියගෙ funny video දෙක තුනක් බලලා....එහෙම නැත්නම් බන් අර චීන, ජපන්, koren කෙල්ලො අර ලොකු තඩි කෑම ගොඩක් සරන් බරන් කියල කන අස්මර් video කෙළ ගිල ගිල YouTube එකෙන් බලලා....නිදා ගන්නකොට පාන්දර 2 ,3 වෙනවා...නැත්නම් උපරිම ඕක 1 වෙනකම් වත් වෙනවා..මොකද  අනිත් පහුදාට ස්කොලෙ යන්න උදේම නැගිටින්න එපැයි....

_ආදර_සමීකරණ_Donde viven las historias. Descúbrelo ahora