පට්ටෙටම දාඩිය නාගෙන ඉන්න වෙලාවකත් පපුව අස්සේ කපාට මැද්දෙන් හිම තුහීන මිදීගෙන එන හැගිමක් උඹලා විදලා තියනවද..නැත්නම් ගිනියම් මද්දහනේ වුණත් ඇග හිරි වැටිලා යන ආක්ටික් සීතලක්...
ඒකට කියන්නේ හැංගිලා තිබුණු හුරුපුරුදු හැගිමක් කොනිත්තුවාට පස්සේ සිද්ධ වෙන අතුරු ප්‍රතිඵල කියලා...ඔහේ බලා ගත්ත අත බලාගෙන පිස්සෙක් වගෙ හිනා යන සීන් එක නම් උඩම තියන රෝග ලක්ෂණයක් හරිද....එහෙම කිව්වේ ක්‍රිස්තු පූර්ව බර ගනන් වල හිටපු කවුරුත් නෙවෙයි ඔන්න...ජානු මේ කියන්නේ උඹලට ...ඉගෙන ගන්න මේ මගෙන් ..huh..
ආයේ අර ඇග හිරි වැටිලා යන ආක්ටික් සීතලක් එද්දි ඇඟේ රෝම කූප කෙලින් වෙලා බඩ අස්සේ සමනල්ලු නැගලා යන Dj පාරක් එක්ක පාටී දාන කැලඹිල්ල එක්ක තවමත් මගේ කම්මුල් වලට දැනෙන එයාගෙ වේගෙන් ගැහුන පපුවේ ගැස්මේ vibration එක මතක් වෙද්දී ආයේ ඔන්න ඔන්න මගේ ඇස් දිලි දිලි දිළිසෙන පැණි හිනාවක් මූණේ බේරෙන්න ගන්නවා...
අපේ සුදු මහත්තයා ඇවිත්...නෑ නෑ..මගේ සුදු මහත්තයා ඇවිත් හැගීම් ඩිංගාආආක් කොනිත්තලා අවුස්සලා මාව මේ පාළු කතරේ කරවල කෑල්ලක් වගෙ වේලි වේලි ඉන්න දාල ගිහින්..ම්ම්හුක් ඔහු යන්න ගියා මැකිලා....
"ජානු....මේ සෝසේ class එක ඉවර වෙලා book fair යනවා කිව්වද ...?තේවිත් එහෙනේ?
"හොඳ වෙලාවට ඊයේ රෑ චන්දුවා උන්ගේ දිහා හිටියේ..නැත්තම් මෙහෙම chance එකක් එන්නෙ නෑනෙ...මොනා වුණත් Uncle කාරයා විශ්වාස කරන එකම එකත් චන්දුවා විතරනේ...ඒකයි භය නැතුව යන්නත් ඇත්තේ..ඔය ස්කොලෙ ට්‍රිප් එක...පුදුමයි අපෙ එකාවත් කුදලන් ගියේ නැතුවා"
"හැබැයි ඉතිං ඌ මෙච්චර අවදානමක් අරගෙන ආපු එකෙ අද මෙහෙ ඉඳල යන්න කියපන් ජානු..උදේ යන්න පුළුවන්නේ ...අපි ඔක්කොම කාලෙකින් සෙට් වුණෙත් නෑනෙ..ටිකක් butter ගාල උන්ගේ අක්කව ෂේප් කර ගත්ත නම් ගොඩ "
KAMU SEDANG MEMBACA
_ආදර_සමීකරණ_
Nonfiksiමා විසදූ දහසක් සමීකරණ අතර අසීරුම..නමුදු ආදරණීයම සමීකරණය ඔහු විය!