A/N pov
ඒක මිලානෝ වලට තවත් කාර්යබහුල උදෑසනක්...ඊයේ රෑ සිද්ධ වෙච්ච කුණාටු වාතාවරණයට පස්සේ කිසිම දෙයක් වුණේ නෑ වගෙ දේවනාරායන නිවස සන්සුන් වෙලා...
මහ පාන්දර වෙනකම් නින්ද යන්නේ නැතුව ඇදේ අරහෙට මෙහෙට පෙරළි පෙරළි ඉඳලා කොට්ටෙකුත් උස්සන් ඩෑඩ්ගේ කාමරේට ගියපු ජානුට සනීපෙට ඒ ලොකු ඇදේ පැත්තක නින්ද ගියා...උදේම හදිසි surgery එකකට යන්න ඕනෙ නිසා ඇහැරුනු doctor දේවනාරායන තමන්ගේ එහා පැත්තෙ ඇදේ හතර නඩේ දාගෙන තාරකා මාළුවා වගේ නිදාගෙන ලාවට ගොරවන ඉලන්දාරියා දිහා බැලුවේ ලෝභ කමින්...
ජානු ඇත්තටම ගොඩක් හුරතල් පාටයි...විශේෂයෙන්ම මෙහෙම කම්මුල් පුම්බන් කෝට්ටේ අස්සේ මූණ ඔබාගෙන නිදාගෙන ඉද්දි ...නැගිටලා ඉද්දි ඉතිං නසරානි පාට එක්ක අර හුරතලේ වැහෙනවනේ..ඒක වෙනම කතාවක්..
කලින් දවසෙ රෑ තමන් එක්ක මෙච්චර කල් තනියෙන් වින්ද දුක දරාගන්න ජානු උපරිම උදවු කරපු හැටි ඔහුට කෙසේ අමතක වෙන්නද..දේව් හදවතින්ම ආඩම්බර වුණා ජානු ගැන...පරිස්සමෙන් ඇද ගාවට ගිහින් ඒ සිනිදු කොන්ඩෙ අස්සෙන් ඇඟිලි යවපු ඔහු පහත් වෙලා තවමත් ඕඩිකොලොන්ග් සුවඳ ඒ ඔලුව උඩ තොල් තද කරා...
සද්දේ ඇහෙන් නැති වෙන්න ඉක්මණට ලෑස්ති වෙලා වැඩ ටික සේරම කරගෙන සුදු පාට කෝට් එකයි, stethoscope එකයි අරගෙන ආයේ පාරක් ජානු පයින් එකක් දීලා බිමට විසික් කරලා තිබුණු සීට් එක හොඳට පොරවපු දේව් කෙලින්ම එළියට ආවා.....
ඒ වෙද්දිත් සයිමන් හදපු Coffee mug එකත් අරගෙන sofa එකෙ වාඩිවුනු ඔහු sofa එකෙ උඩ කෑල්ලට ඔලුව තද කරේ ලොකු හුස්මක් පිට කරලා...ඔහු තරම් හැඟිම් හංගන්න දන්නේ වෙන කවුද..!
"අපේ මහත්තයා....උදේ කෑම කාලා යනවද..."?
"නෑ සයිමන් දැන් වෙලා නෑ...මං එළියෙන් කන්නම්...ජානු ආස දෙයක් හදල දෙන්න උදේට..දවල් කෑම හදන්න එපා අද විකාෂ්ලා දිහා දවල් කෑම...චූටි බේබිව එක්ක යන්න ඕනෙ..මම ආවේ නැත්නම් විකාෂ් එයි..."
ඔලුව වනලා සයිමන් ආයේ බැලුවේ තවමත් ඇඟිලි තුඩු වලින් නළල මිරිකන කඩවසම් ඔහු දිහා...මේ පාර ඔය heart pain එක ආවෙ සෑහෙන්න කාලෙකට පස්සේ...ඒ කියන්නේ හිත ගැස්සෙන දෙයක් වෙලා කියලා සයිමන් අනුමාන කරා..රෑ ජානු කිව්ව දේවලුයි, Dr විකාෂ් කිව්ව දේවල් එක්ක සයිමන් දැන් දන්නවා විස්තරේ..
YOU ARE READING
_ආදර_සමීකරණ_
Non-Fictionමා විසදූ දහසක් සමීකරණ අතර අසීරුම..නමුදු ආදරණීයම සමීකරණය ඔහු විය!