චන්දුල....????
අපි හිටපු තැනට පෝළිම් දෙක තුනක් ඉස්සරහ ඉන්න චන්දුලයා මාව දැක්ක ගමන් කට කොනේ හිනාවක් එක්ක අත වැනුවා..අම්මප මූ නම්....මං ඌට කට ඇද කරල අහක බලාගෙන ආයේ යොමාල්ව බොරුවට කතාවට අල්ල ගත්තා...මෙච්චර වෙලා බලෙන්ම ආවට දැන් නම් මට හිතුනා එක අතකින් අපේ සෙට් එකේ එකෙක් perfect වුණ එක හොඳයි කියලා...
නැත්නම් ඉතිං මේ පගයට second වෙන්න වෙන්නේ අපිට....ප්‍රධාන ශිෂ්‍ය නායකයා නිසල් අයියා හෙන විස්තරයක් කියලා ගියාට පස්සේ ශිෂ්‍ය නායක කටයුතු බාර භානුක sir කතාව පටන් ගත්තා...පොර බන් ලඟදි ස්කොලෙට ආවෙ .අපෙ විනය බාර ගුරු මණ්ඩලෙත් ඉන්නවා...කෙලින්ම ආයේ හමුදා පාලනය වගේ...හෙන නීති...කලින් හමුදාවේ ඉඳලා තියෙන්නෙ...හෙන සැරයි...ලොකු වයසක් නෑ...තිස් ගාණක් වගේ ඇති...එක බැල්මට භය හිතෙනවා...
"අපි ඉක්මණට ඔයාලගෙ බැජ් පලන්දවනවා...මොකද මේ පාර ටිකක් මේ වැඬේ පරක්කු වෙලා තියෙන්නේ......ඔක්කෝටම දැන් දෙනවා පොඩි පොතක් ඕක හොඳට බලාගන්න...ශිෂ්‍ය නායක නීති, ඇදුම්,හැසිරීම්, වගකීම් ඔක්කොම ගැන ඕකේ තියනවා...අනික ඔයාලට සම්පූර්ණ අපි පොඩි camp එකක් වගෙ එකක් කරනවා අත්දැකීමක් ගන්න..."
ඒක බං අර perfect guide book එකක් වගෙ එකක්...
"උඹලා හිතන්න එපා මේ බැජ් එක ගහගත්තම සේරම හරි කියලා...වගකීම් හරියටම ඉටු වෙන්න ඕනි...ආයේ ස්කොලෙට ගෞරවය රැකගන්න ඕනෙ...හරි නේද....ප්‍රශ්න තිබුණොත් ඔයාලගෙ සීනියර් perfect ලගෙන් අහගන්න...මුලදි ඔයාලට එක පාර වගකීම් දෙන්නේ නෑ...මෙයාලා එක්ක එකට දාන්නෙ ...එතකොට ටික ටික හුරු වෙයි..."
"හැබැයි පුතෝ පළවෙනි දේ....උඹලා උපදෙස් දෙන්න කලින් උඹලා හැදිලා ඉන්න ඕනෙ...කොන්ඩෙ, රැවුල, uniform, සපත්තු ඔක්කොගෙම ඉඳලා හරිනේ..."?
"හදිසි දැනුම් දීම් තිබුනොත් අපි මාධ්‍ය ඒකකය හරහා දැනුම් දෙන්නම්...දැනට මේ ඇති...ස්කොලෙ වෙනුවෙන් වැඩක් කරමු කොල්ලනේ...පළවෙනි වාරේ ඉවර වෙන්න කලින් උඹලට බැජ් පලන්දන උත්සවේ තියෙයි...ඊට කලින් නායකත්වය වැඩමුළු දෙක තුනක් සෙට් වෙයි...අත්දැකීමක් ගන්න...ok..."?
භානු sir ගෙ කතාවෙන් පස්සේ ඒ පොඩි රැස්වීම ඉවර වෙලා අපි main hall එකෙන් එළියට ආවේ තව ටිකකින් ස්කොලෙ අරින නිසා...
ESTÁS LEYENDO
_ආදර_සමීකරණ_
No Ficciónමා විසදූ දහසක් සමීකරණ අතර අසීරුම..නමුදු ආදරණීයම සමීකරණය ඔහු විය!