13 වෙනිදා පරණ අවුරුදු දවස වගේම 14 වෙනිදා අලුත් අවුරුදු දවස හරි ඉක්මණට ගෙවිලා ගියේ ඇහි පිල්ලම් ගහන වේගෙන්. බං .එක එක ජාතියේ ලොකු කැවිලි පිරුණු මේසෙ ගාව ඉඳගෙන..ලොකු මිදුලේ කිරි උතුරවලා අත්තම්මා අපි හැමොටම නැකතට කිරි බත් කැව්වා...කොන්ඩ කැවුම්, කොකිස්, කිරි ටොපි, පොල් ටොපි, කළු දොදොල්, ආස්මී, මුං කැවුම්, පැණි වළලු, සිල්ලර, කිරි බත් එකී මෙකී එක එක කැවිලි ජාති වළින් පිරිලා තිබුණු කෑම මේසෙට නම් එදා දවසම විවේකයක් තිබුණේ නෑ...
අහල පහලින් නෑගම් ආපු අය ගෙනාපු ක්‍රිස්කො බිස්කට් පෙට්ටි එහෙම පන්න ගෙන ගිහින් අපි ගඟ පැත්තේ,වෙල පැත්තේ ,ගමේ වටේ ඇවිදින්න ගියා...
අත්තම්මට,නැන්දා මාමාට, ලොකු අම්මලා ලොකු තාත්තා ට ,අයියට, අක්කලාට වැන්දම අත ලස්සන කරපු සල්ලි ඔක්කොම මං පරිස්සමට අරන් තිබ්බා...අරවා මේවා තෙල් කෑම ජාති කාලා බඩ හොල්ලගන්න බැරුව හිටියත් 3 වේලම ප්‍රධාන කෑම වේල නම් miss කර ගත්තෙ නෑ..බන් මං...ආයේ මේ දවස් දෙක තුනට මාව මහත් වෙලා ටිකක්..සෝසේත් මහත් වෙලා...
මොකද අවුරුද්ද දවසෙ රෑ කෑම මේසෙ තිබුනෙ මං ආසම කෑමක්...එළවළු බත් එක්ක අත්තම්ම හදන සුවඳ කිරි අල හොද්ද, කුකුල් මස් බොරේ, කජු මාලුව, බටු මෝජුව,ගෙදර හදපු උණු උණු තක්කාලි සෝස් එක්ක පපඩම්....මට නම් ඒ ටික වැඩිත් එක්ක...සෝසෙයි මමයි බඩ පැලෙන්න කෑවා...
ඊට පස්සේ කිරි පැණිත් කෝප්පයක් කෑවා...අම්මා බන්...ඉස්මුරුත්තාව වගේ...අපි කට්ටිය එකතු වෙලා පංච දැම්මා, දාම් ඇද්දා, චෙස් ඇද්දා, ඔංචිලි පැද්දා...රතිඤ්ඤා පත්තු කරා...වෙලට ගිහින් අහස් කුරු යැව්වා, ලොකු මිදුලේ බඹර චක්‍ර පත්තු කරා අක්කලා, අය්යලා ඔක්කොම එක්ක නිලා පත්තු කරා....
YOU ARE READING
_ආදර_සමීකරණ_
Non-Fictionමා විසදූ දහසක් සමීකරණ අතර අසීරුම..නමුදු ආදරණීයම සමීකරණය ඔහු විය!