113 වෙනි කොටස 🧪

341 73 33
                                    


A/N pov

අද තමා ඒ දවස..අන්තර් පාසල් පැසි පන්දු තරගේ..මේ ජානුලා 12 වසරේ අවසන් වාරේ...හරියටම බැලුවොත් තව වාර දෙකකින් එයාලට Al exam..13 වසරේ ළමයි නම් මේ දවස්වල හොයාගන්න වත් නෑ එළි පහළියක...ඒත් ඉතිං ස්කොලෙ ප්‍රධාන ශිෂ්‍ය නායක තුමා නම් විභාග භීතිකාව බල්ලට දාලා එයාගෙ රාජකාරි වල....ඒකටම හරියන එයාගෙ dp අගසව් වගේ ඒ පස්සෙමයි...

"කොහෙද සුලක්කන අයියේ පස්ස කැඩිච්ච කඩියෙක් වගෙ මේ දුවන්නේ...අන්න ඔයාව නිසල් අයියා හෙව්වා "

Basketball match එක පටන් ගන්න තව පැයක් වගෙ තියද්දීත් තව ඇදුම් වත් මාරු කර ගෙන නැතුව  uniform පිටින් කියවන ජානු දිහා එයාලගෙ dp බැලුවේ ඔරවලා....

"මම හොයන්නේ තෝව....අම්මප ජානු මල්ලී... උඹ මොකද මෙතන කරන්නෙ...මේවා බලාගන්න කොල්ලො ඕනෙ තරම් ඉන්නවා...උබේ prefect කම පැත්තක තියල දැන් ගිහින්   ලෑස්ති වෙනවා...අනික අද මේ  ගිනි අව්වේ මැච් තියෙන්නෙත්...ඉක්මණට පටන් ගනී.."

"අපි මේ පීරියඩ්ත් cut කරගෙන තොපි වෙනුවෙන් නේද නැහෙන්නේ....අරහේ මාව ජනිත් sir කන්න යනවා team එකේ එවුන් prefect duty දැම්මද අහලා..."

"හෙහ් හෙහ්...ඔන්න ඔන්න සුලා අයියේ ඒක තොපි නෙවෙයිනෙ...ස්කොලෙ වෙනුවෙන් කියලා වෙනස් කර ගන්න...හරි .උදව් කරන්නනේ මං ආවේ...පේන්නේ නැද්ද දැන්මම වටේම පිරිලා...මේ පොඩි එවුන් මෙල්ල කරන්න අර දස්සලාට බෑ බං අයියේ...ඒකයි මම ගිහින් සද්දයක් දාල ආවෙ..."

"උන් කොහොමත් උබට භයයි...උඹට වඩා අර යුවාන්ට බයයි...ඒකනේ ඔය නසරානි කුලප්පු වුණාම උඹලා යවන්නේ නිසලයා කනිෂ්ඨෙට .හරි හරි දැන් මම ground එක ගැන බලා ගන්නම්...උඹ ගිහින් ලෑස්ති වෙයන්...යාළුවෝ බලාගෙන ඉන්නේ .."

"හරි හරි මේ යනවා...."

"මේ...ඒක නෙවෙයි තේවි මල්ලිට එන්න බැරි වෙයිනේ...බලන්න වත් match එක...පව් බන් ඌ..."

"ම්ම්...එයාට එන්න බෑනෙ අයියේ...but එයා පෙරේදා ඇවිත් ගියේ...."

"සිරාවට...එහෙනම් කමක් නෑ....ඔය ප්‍රශ්න ඉක්මණට විසදෙයි ජානු...හිතන්න එපා.."

ඔලුව වනලා හිනාවුනු ජානු සුලක්කන අයියව outdoor basketball court එකෙ තියල කෙලින්ම දිව්වේ ඇදුම් මාරු කරගෙන එන්න එයාලා indoor basketball court එක පැත්තට..ඒ යද්දීත් එතන එකම ගෝසාවක්...

You've reached the end of published parts.

⏰ Last updated: a day ago ⏰

Add this story to your Library to get notified about new parts!

_ආදර_සමීකරණ_Where stories live. Discover now