කොහේ ගියත් සැප මෙට්ට තිබ්බත් කොට්ට තිබ්බත් උඹලට හොඳට නින්ද යනවද...සිරාවට ගෙදර ඇද තරම් සනීපෙට කොහෙවත් නින්ද යන්නෙ නෑනෙ...මටත් එහෙමයි ඉතිං...මම ඒත් බැලුවේ බං කවුද මේ මගේ බඩ වටේම ගැරඬියා වගෙ අත ඔතාගෙන කුකුල් පැටියා වගේ කට උල් කරගෙන ඉන්න බෝල මූණු හාදයා කියලා...Yahhh...Yahhh...හෙල්ලෙන්නත් බෑ මූ ඇග උඩින් කකුලකුත් දාගෙන නේද... තවමත් බාගෙට ඇස් ඇරගෙන හිටපු මං යට වෙලා තිබ්බ මහේ අත අමාරුවෙන් උඩට ඇදගෙන ඇස් දෙක පොඩි කරගෙන දර්ශන පථය පාද ගත්තා...
යන්තං ටිකක් ඔලුව උස්සල මාව වෙලාගෙන ඉන්නේ මොකාද කියලා තප්පර දෙක තුනක් කල්පනා කරලා බලද්දි....හුරුපුරුදු රුවක්....යකූ මගේ පාප මිත්රයා නේද මේ.....මගේ වස්තුවෑඈඈඈඈඈඈ....මොනා වුණත් මට මුන්ව හෙනම miss වෙලා හිටියේ බං...ඒත් ඉතිං ආදරෙ පෙන්නලා බෑ මුන්ට...
හිමීට මම සදාදර සෝසේගේ කණ ගාවට පහත් වුණා...යකූ මූ තව තුරුල් වෙන්න එනවා...මම මොකා කියලා හිතාගෙන ඉන්නවද මන්දා මූ...තරුණ අසහනය මුන්ට..
"සෝසේඒඒඒඒඒ සොම්බි එනවෝඕඕඕඕඕඔ දුවපාආආආආන්....."
අපි ඊයේ රෑ zombie series එකක් බලලා නිදා ගත්තෙ නිදි මත එනකම්...ඒ නිසා මූ ඔය සිහියෙන් ඉන්නෙ ලොවෙත්.. මගේ කිංකිනි නාදේ එක්ක කෑ ගහගෙන නැගිට්ට මූ ඇගේ පටලැවිච්ච සීට් එකෙ පැටලිලා දඩෝරියන් ගාල පොළොව සිප වැළඳ ගද්දි....මුගේ වාචාල කට අස්සේ හිර වෙච්ච කුණුහරප මාලාවක් කාමරේ දෙදරන්න එළි බැස්සා...
"මොනාද හු#ටෝ කරන්නෙ....අම්මාආආආආ මගේ කොන්ද කැඩුවා මේ ප# බල්ලා ...තෝ...තෝ...හැමි#$න් ජානුක්ය. ."
බඩ ගාගෙන ඇවිල්ල ඇද උඩින් එබුන මම මූණ වන්ඩු ආප්පයක් කරගෙන මට කුණුහරප පුජා තියන සෝසෙට තව මල පනින්න නළලට ඇඟිලි දෙකෙන් ටකස් ගාල ප්රහාරයක් එල්ල කරේ මූ මගේ අත්තම්මලා, කිරි කෑ මුත්තත් මතක් කරන් නැගිටින් මගේ ඇගට පනිද්දි...
YOU ARE READING
_ආදර_සමීකරණ_
Non-Fictionමා විසදූ දහසක් සමීකරණ අතර අසීරුම..නමුදු ආදරණීයම සමීකරණය ඔහු විය!