"හරි හරි යකූ හිටපන් ලතෝනි තියෙන්නෙ මොකද.. ගෙම්බත් සුදු බෝල කොල්ලන්ට වහ වැටිලා...යන්න බෑ කියන්නේ ඒකනේ....""අනේ රෙද්දක් කියනවා.......අයින් කරනවකෝ....."
පිටේ හිටපු එකා මගේ කලිසමේ ඒ පාර...මං පස්ස කැඩුණු කඩියා වගෙ උඩ පනිනවා දඟලනවා...
"දඟලන්න එපා ඉන්නවද ටිකක්....පුදුම කඩි කුලප්පුවවුණානේ මේක...යකූ ඕකා කලිසම අස්සටවත් යයි...."
මං භය වෙලා ඉන්න වෙලේ මේ නරි බෑනා කියන කත
අම්මප ගහන්න හිතෙනව මේ කොමඩ් එක මුගේ ඔලුවේ..."සිරාවට????.......යන්න කලින් ගනින්කෝ ඉතිං....ගියොත් වත්....ahhhh.......???"
"ගියොත් ඉතිං ගෙබි පැටියට මී පැටියෙක් හම්බ වෙයි නේ....එයාලා යාලු වෙයි......"
වල් තේවි .....මූ මොනාද කියන්නේ මේ...මං මේ භය වෙලා ඉද්දි...මීයෙක්ලූ........wtf......මාව රතු වෙනවා බලාගෙන ඉද්දි...මූ හිනා වෙවී ගිහින් පරණ රෙද්දක් අරගෙන ආවා... පස්සේ මගේ කලිසමේ ඇලිලා යන්න බෑඈඈඈඈ කියන gay ගෙම්බා මිරිකළා අල්ල ගත්තා....
"යකූ...ඔච්චර මිරිකන්න එපා ඕකව මැරිලා යයි ....."
මොනා වුණත් මරන්න ඕනෙ නෑනෙ...
"ඌ උඹව kiss කරානේ ....ඉතිං...."
සිරාවට එයාට එහෙම කියවුනා....පස්සේ හිනා වෙලා ගෙම්බා මිරිකළා අල්ලගෙන ඌව එළියට දාන්න අරන් ගියා...
ඒත් මොකක්ද ඒ කිව්ව කතාව....ඌ උඹව kiss කරානේ ????????යාආආආආආ...මොකක්ද දෙය්යනේ ඒ මූ කිව්වේ.....නො නො....over හිතන්න එපා පුතේ උඹ පිස්සෙක් වෙයි....
මං ඒක හිතන එක ටිකකට පැත්තක තියල තේවි ගෙ සුවඳ body wash එක හොඳට ගාලා ගෙම්බා ගෑවුනු තැන් තදින් උලලා උලලා හේදුවා රතු වෙනකම්....ගෙම්බෝ ගෑවුනාම කබර දාන කතාවක් මම අහලා තියනවා...ඉතිං භය වෙනවනේ ...
ඇඟ සෝදගෙන සුවඳ බෝලේ වගෙ එද්දි...එයා නෑ..පහලට යන්න ඇති...මං ඇදුමක් දාගෙනම ආවේ...මං යන්න ගියත් මගේ ඇහ ගියේ එයා බදාගෙන හිටිය කෝට්ටේ ගාවට...ඒක බදාගෙන ඉඳලම පොඩි වෙලා...
මට නොදැනුවත්ම මගේ තාම තෙත කකුල් එතැනට මාව ඇරගෙන ගියා...මං එහෙමම ඒ ලොකු කෝට්ටේ ගත්තෙ අවසිහියෙන් වගෙ...සිරාවට මට පිස්සු නේද බං...ඒත් මට ඕනි වුණා ඒක තුරුල් කරන් එයා ඔච්චර විඳින හැගිම කොහොමද බලන්න....
ESTÁS LEYENDO
_ආදර_සමීකරණ_
No Ficciónමා විසදූ දහසක් සමීකරණ අතර අසීරුම..නමුදු ආදරණීයම සමීකරණය ඔහු විය!