මිනිස්සු දවසින් දවස කාළය පහු කරගෙන යද්දී වයසින් මුහුකුරා යද්දී එයාලගෙ හදවතේ චුටි චුටි කාමර අස්සේ ටොන් ගණන් දෙයක් පිරෙනවා...හරියට බරසාර පුස්තකාලයක උස පොත් රාක්ක වල පොත් එකින් එක පිරෙනවා වගේ...උබලා දන්නවා නේද හදවතේ පොඩි කාමර වල ලේ නහර මැද්දේ පරිස්සමට අඩුක් වෙන්නේ මොනාද කියලා...
අන්න හරි ඒවා තමා...මතක පැකට්...!
මතක කියන්නේ අපි කරපු හැම මගුලමත් නෙවෙයි...ඒ කියන්නේ බන් අර උදේ නැගිට්ටා, දත් මැද්දා,මූණ සේදුවා, ස්කොලෙ ගියා,කෑවා, බිව්වා නිදා ගත්තා වගේ එදිනෙදා ප්‍රාථමික මතක නෙවෙයි...
විශේෂ මතක පැකට් හරි වෙනස්....සමහර වෙලාවට අපි ඒ විශේෂ මතක සිය දාස් වාරයක් ආයේ ආයේ විඳිනවා,බලනවා..අර කුටීර වල දොර ඇරගෙන...film එකක් වගෙ...ඒ නිසාම ඒවා හරි තදින්ම පපුවට ඇලිලා තියනවා....(මේ ඇලීම හරිම භයානකයි කියලා හො.ම.ත.ග.යු)
උඹලා දන්නවනේ මිනිස්සුන්ට එක එක ජාතියේ විශේෂ මතක තියෙන්න පුළුවන්..ඒක එක එක්කෙනාට අනුව එයාලා ආස දේවල් අනුව වෙනස් වෙනවා...ආදරය, ඉගෙන ගන්න දේවල්,job එක, පවුල, නෑදෑයෝ, ළඟම යාළුවෝ, ස්කොලෙ කාලේ, University කාලේ දේවල්,travel කරපු තැන්,ආස දේවල්....ඔය වගේ ගොඩක් දේවල්....
ඒ හැම එකක්ම අතරින් වැඩිපුරම රිදෙන මතක වෙන්නේ කවද හරි මග ඇරුණු හරි දැන් ළඟ නැති හරි, එක්කෝ එපා වෙලා අත් ඇරිය හරි හැඟිම් අඩවන මතක වලට.. උඩම තියෙන්නෙ මං හිතන්නෙ ආදරය කියන සුන්දර ඒත් තප්පරයකින් විස වෙන්න පුළුවන් මාතෘකාවක්!
මේ ලෝකෙ ආදරේ කරලා නැති මනුස්සයෝ නෑ බං....හැමෝම ආදරෙ බිංදුවක් හරි විඳලා තියනවා...ගෙදර අයගෙන්, යාළුවොන්ගෙන් ,නෑදෑයෝ හිතවතුන් ගෙන්... ඒ වගේම ආදරෙ දීලත් තියනවා..බල්ලෙකුට ,පූසෙකුට හරි...නැත්නම් පන නැති ටෙඩි බෙයාර් කෙනෙක්ට හරි...
YOU ARE READING
_ආදර_සමීකරණ_
Non-Fictionමා විසදූ දහසක් සමීකරණ අතර අසීරුම..නමුදු ආදරණීයම සමීකරණය ඔහු විය!