107 වෙනි කොටස 🧪

686 92 122
                                    


සති දෙකකට පසු

A/N pov

ලී මේසෙ උඩ තැන තැන තිබුණු තවමත් රත් වෙච්ච පරීක්ෂණ නල ටික ,දවල් වරුවක් පුරා Chemistry වල spd ගොනු practical එකට සහභාගි වෙලා මහන්සි අරින්න අරගෙන...ඒවා එහෙම්ම පරිස්සමට පොඩි ලී ආදාරකේට අල්ලුවකින් දාපු තේවි, අතේ බැඳගෙන හිටපු චෙස් nut දුඹුරු පාට ලෙදර් ඔරලෝසුවේ වෙලාව බැලුවා..

හවස 6 පහු වුණා විතරයි... ඈතින් ඇහෙන පන්සලක ශබ්ද විකාශන යන්ත්‍රයක සුපුරුදු පිරිත් සද්දේ එක්කම මිදුලේ  නැවතුනේ කලබලේ ආපු වාහනයක්..මේසෙ උඩ තිබුණු  බන්සන් දාහකය නිවලා කෙලින්ම දොර ගාවට ගියපු තේවි  දිවාකර මේ වගේ අවෙලාවල් වලට එන යකා කවුද කියලා දන්න නිසාම ඔලුව දෙපැත්තට වනලා දොරේ ඇතුළු අගුළ ඇරියා..

ඊට පස්සේ දොර අරින්නේ නැතුවම ඇවිත් කුඩා, එහෙත් සුවපහසු ඔහුගෙ ආසම පුටුවට බර වුණේ දොර දෙසට නෙත් තබා ගෙනමයි...

බරාස් ගාල වේගෙන් ඇරුන ලී දොර ඒ වේගෙන්ම බරාස් ගාල  වැහෙන කොට ඇතුලට ආපු කඩවසම් ඔහු මූණට වැටුණ කොන්ඩෙ පිටිපස්සට හද හද වේගෙන් ආවෙ සෑහෙන්න කලබලෙන්...තවමත් පාසල් නිල ඇඳුමින් සැරසී සිටි ඔහු පංති කාමරයට වඩා පිට්ටනියේ අරක් ගෙන සිටි බවට ඕනෑ තරම් සාක්ෂි ඔහුගෙ හිසේ සිට දෙපතුල දක්වා තිබුණා....

එක ඇහි බැමක් ඉහළට ඔසවා තියුණු බැල්මකින් තමන්ගේ  දෙස බලාගෙන සිටින තේවි දිවාකර දෙසට වේගෙන් දුවගෙන ආපු ඔහු පිටේ තිබුණ පාසල් bag එක කලබලෙන් ගලවලා පැත්තකට විසික්  කරලා එහෙම්මම එහා පැත්තෙ තිබුණු කුඩා ඇද මතට පනින්න ගියත් ඔහුගෙ පාසල් කමිසය පිටි පස්සෙන් දිගු ඇඟිලි 5 කට හිර වුණා....

"ඉස්සෙල්ලා wash එකක් දාගෙන වරෙන්....දාඩිය පිටින් නගින් නෑ ඇදට...."

තම ආදරණීය සහෝදරයා දෙස ඇස් කොනින් බලා ඔලුව දෙපසට හොලවපු ඔහු එහෙම්මම අත් දෙක බැඳගෙන ඔහුගෙ පැත්තට හැරුනේ ඔහුට නොදැවැනි කට කොනේ හිනාව එක්ක.

"එහෙනම් ඉතිං මම අරගෙන ආපු සුබ ආරංචිය උබට කියන්න වෙන්නේ නෑ....my බ්‍රෝ"

"අනේ පලයන්...චන්දු...උඹ අදත් මාව රවට්ටනවද...මට එපා වෙලා උබේ ඔය මගුල් සුබ ආරංචි....ඉස්සෙල්ලා කියපන් කොහොමද practice වැඩ..match එකට දවස් තුනයි...අඩු ගානේ උඹලා රෑ වෙනකන් වත් practice කරන්න ඕනෙ..ජනිත් sir මොනාද කියන්නේ..."?

_ආදර_සමීකරණ_Where stories live. Discover now