ලාවට වැස්ස පායලා නිසා අපි දෙන්නා ආයේ එන්න ආවෙ කැමැත්තෙන් නම් නෙවෙයි බන්..වටේම අදුරු වෙලා...ගඟ ඉවුර දිගේ එයාගෙ අත අල්ලගෙන මං තේවිගේ පිටිපස්සෙන් හිමින් ආවා... වැහැපු නිසා ටිකක් ලිස්සනවා...ඉවුර ගාවින් උඩට නැගලා ආයේ ඉරිගු යාය මැද්දෙන් අපි ගෙදර යන්න ආවා..දවල් කෑම කන වෙලාවත් දැන් පහු වෙලා බන්...
ගෙදර අයට කියන්න ඕනි නිදහසට කාරණා ලිස්ට් එක හිතන ගමන් මම මේ යන්නේ..... හොඳම එක අපි වැස්ස පායනකන් පන්සලේ හිටිය නිසා පරක්කු වුණා...කියන එක ..නැත්නම් ඉතිං අත්තම්මා අහන හරස් ප්රශ්න එක්ක වැලේ වැල් නැති වෙන්න පුළුවන්..
කොහොමත් දැන් මගේ ඇදුම් වේලිලා.. එයාගෙ පපුවේ රස්නෙ ගුලි ගැහිලා හිටිය නිසාම...
වැස්ස නිසා තෙත් වුණ ඉරිගු ගස් වල තෙත අපේ උරහිස් උඩ ගෑවෙන කොට...මම එයාගෙ අත තදින්ම අල්ලගෙන පිටිපස්සෙන් සද්දේ නැතුව ගියා... අපේ සෙරෙප්පු බිම සර බරස් ගාලා වැදෙන සද්දේ එක්ක...හුළං සද්දේ විතරයි එතන තිබුණේ...ඒත්..එකපාරටම එයා ඉරිගු යාය මැද උස ගස් මැද්දෙ නතර වුණා...
මෙච්චර වෙලා සද්දේ නැතුව අපි දෙන්නම ආවෙ හිත හොඳින් නෙවෙයි කියලා අපි දෙන්නම දන්නවා..ඒත් එයා ගෙදර යන්න ඕන..අනික අපිට මෙතන තව ඉන්න බෑ...මොකද හැඟීම් කියන්නේ බන් වැරදි වෙලාවක එළියට ආවොත් control නැති වෙන දෙයක්...
ඒත් තේවි වගෙ මාව පාලනය කරන්න පුළුවන් කෙනෙක් ගාව මට දැනුනේ පුදුම පරිස්සමක්....මට තව ඉන්න ඕනි වුණත් එයා ගෙදර යන්න ඕන..අනික අපිව කට්ටිය හොයයි ...ඒ නිසා මම සද්දේ නැතුව ආවෙ...මොකද මට එයාව ආයේ නුවර යවන්න හිත දෙන්නේ නෑ බන්...
එකපාර තේවි නැවතිලා පිටිපස්ස හැරිලා මගේ දිහා බැලුවා...මගේ කොන්ඩෙ ටිකක් අවුල් වෙලා...එයා හිමින් ඇවිත් ඒවා ආයේ අතින් පිලිවෙලට හැදුවා..පස්සේ මගේ T shirt එක පොඩි වුණ තැන් ඔක්කොම හදල...තද රතු පාට වෙලා තියෙන මගේ තොල් දෙක උඩ ඇඟිල්ලක් තිබ්බේ ඒ එක ස්පර්ෂයකින් මාව හිරි වැටිලා යද්දි...
KAMU SEDANG MEMBACA
_ආදර_සමීකරණ_
Nonfiksiමා විසදූ දහසක් සමීකරණ අතර අසීරුම..නමුදු ආදරණීයම සමීකරණය ඔහු විය!