100 වෙනි කොටස 🧪

1K 109 144
                                    

ටොක් ටොක් ගාල වැටෙන වැහි බිංදු බේරෙන car එකෙ ෂටර් එකට කම්මුල තද කරගෙන හිටපු මගේ මූණට සමාන්තරව , මට බෑ කියලා දෝත බදලා ෂටර් එක දිගෙ තල්ලු වෙලා ලිස්සලා ගිහින් බිමට වැටිලා මැරිලා යනවා...නිකන් නෙවෙයි කුඩු පට්ටම් වෙන්න බිඳිලා...

වතුර බිංදුත් පව් නේද බං...මොනා වුණත් අහසින් වැටෙන පාර පළවෙනියටම ආදරෙන් බැඳුණු මේ හීතල සිනිදු car වීදුරුව දාල යන්න එයාලටත් පට්ටම අවුල් ඇති....පළවෙනි ආදරේනේ ආගන්තුක දේසෙක...

වෙලාව....උඹලට මම දාල දෙන්නම්...රෑ..6 45 වගේ....මම දෙය්යනේ කියලා පියාඹන්න යද්දි බලපන් ඉතිං අහසත් මාර්ගය පිරිසුදු කරලා දෙන හැටි...හම්ප් ජානු...lucky...

මගේ වාසනාව ගැන ඉතිං කියලා වැඩක් නෑ...එලියට බැස්ස වෙලේ ඉඳන් ධාරානිපාත වර්ෂාව...car එකෙ ෂටර් එකෙන් එළිය මට බොඳ වෙලා පේන්නේ තීන්ත ඔහේ විසිරවපු තෙල් සායම් චිත්‍රයක් වගෙ...ඒත් ඉතිං හොඳට එළිය බලන්න කියලා මම ටිකක් ෂටර් එක පහත් කරා...

හෙන රස්නෙට සැපට අපි මේක අස්සේ බබා වගේ ඉඳගෙන ගියාට මොකද බං මේ මිනිස්සු වැඩ ඇරලා ගෙදර එන වෙලාව...පට්ටම කාර්යබහුල පාරවල් පුරා කිටි කිටියේ වාහන අස්සේ හිරවුන හෙම්බත් වෙච්ච මිනිස්සු...ඒ අස්සේ හොදටම වැස්ස...මිනිස්සුන්ගේ ඔලුවල තියෙන බර, ප්‍රශ්න සේරම මැද්දෙ වාහන තද බද අස්සේ රස්තියාදුව...

හැබැයි මෙහෙමයි බං පිටින් පේන සැප අස්සේ සැපමත් නෑ...car එකක් අස්සේ සැපට ඉඳගෙන ගියාට මේ පොඩි වයසට මට විසදගන්න වෙලා තියෙන අමුතු හැඩේ ප්‍රශ්න වලට වඩා A/L exam එක මොනාද කියලා හිතෙනවා..

ආයෙත් වැස්ස සැර වෙච්ච නිසා මම ෂටර් එක වැහුවෙ ඉස්සරහ ශීට් එකේ පාර්ශවය දෙතුන් පාරක් කෑ ගහන නිසා...බෑනෙ කරන්න මෙයාල එක්ක...මේ කෙහෙම්මල් හොට්ට නිසා තමා සේරම...වැස්ස බලන්නත් නෑ...ඒනම්..

මට සෑහෙන්න හොඳක් නෑ බන් ඉතිං..බෙහෙත් වල බලෙන් දෙය්යනේ කියලා ටිකක් ඔලුව උස්සන් ඉන්නවා දැන්..ඇඟේ අමාරුව නම් අඩුයි ...ඒත් මගේ හිත නම්...කියලා වැඩක් නෑ කළබල වෙලා තියෙන්නේ...හිතුන ගමන් gallface යනවා වගේ ඇයි බන් මෙව්වා...

_ආදර_සමීකරණ_Where stories live. Discover now