47 වෙනි කොටස 🧪

1.1K 158 101
                                    

පාට පාට ට්‍රැෆික් ලයිට් අයිස් පලමේ සීතල මේ ගිනි අව්වට රත් වෙලා තියෙන තොල් උඩ තියාගෙන මං මේ ඉන්නෙ ඔන්චිල්ලාව උඩ ඔහේ පැද්දි පැද්දි

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.


පාට පාට ට්‍රැෆික් ලයිට් අයිස් පලමේ සීතල මේ ගිනි අව්වට රත් වෙලා තියෙන තොල් උඩ තියාගෙන මං මේ ඉන්නෙ ඔන්චිල්ලාව උඩ ඔහේ පැද්දි පැද්දි. උදේ ඉඳන් ගහපු photo බල බලා.......කන් අඩි පැලෙන්න දාල තියෙන අවුරුදු සින්දු ටික දැන් මට කට පාඩම්...බන්..ඔලුවත් රිදෙනවා...

මගෙ ඔඩොක්කුවේ උඩ බිමට වැටෙන්න ඔන්න මෙන්න තියෙන අද schedule එක print කරලා දුන්න කොළෙන් හදපු අවාන..මගෙ සරම බදාගෙන...ඒ අස්සේ.

දැන් ටිකක් හවස් වේගෙන ආවත් ගිනි අව්වේ නම් කිසි අඩුවක් නෑ බන්. අර photo කේස් එකෙන් පස්සේ තේවි මූණ වන්ඩු ආප්පයක් කරගෙන ඉද්දි යුවාන් එයාව එක්ක ගිහින් ආයේ certificate ලියන්න...

දැන් සැහෙන්න තරඟ ඉවරයයි..උදේටත් වඩා පුදුම සෙනගක් දැන් Ground එකේ ඉන්නෙ. Girls school එකෙ කෙල්ලො එහෙමත් ඇවිල්ලා. තව අවට ස්කොල වල ගොඩක් එවුන් ඇවිත්..ක‍ඹ ඇදීම final තරඟේ තව තිබුනෙ නෑ..ඒක තමා කොහොමත් අන්තිමට තියෙන්නෙ..මේ පාර final ආවේ 13 වසර commerce සෙට් එක එක්ක අපෙ මැත්ස් එකෙ 13 අයියලා...ගැම්මක් ඉතිං..බලමුකො..ඕක දින්නොත් හොඳ gift එකක් ලැබෙනවා..

දැන් තියෙන්නෙ අපෙ section වල ගුරුවරුන්ට සංවිධානය කරපු තරඟ..කොට්ට පොර එකක්, තව කඹ ඇදීම එකක්,බෝතෙලේට වතුර පිරවීම ,Baloon පිපිරවීම නම් ඉස්සෙල්ල තිබුණා...අමාරුවෙන් බැලුමක් පුම්බන්න ගිහින් ඒක මූණටම පුපුරලා වසුන්දරා මැඩම් උඩ ගියපු හැටි නම් අයිගෝ කියලා වැඩක් නෑ..තව පොඩ්ඩෙන් මැඩම්ට ප්‍රෙෂර් හැදෙනවා.

අපෙ බන් house වල බීම බකට් හැදුවා...තිබහ එද්දි ඉතිං කට්ටියට නිතර බොන්න පුළුවන්නේ .කෝඩියල් බෝතල් දෙකක් වගේ දාල, පලතුරු කෑලි එහෙම කපලා දාල හදන්නේ ඒවා...ඕවා කෝප්ප 10 ක් වගෙ අරහෙට මෙහෙට යන ගමන් මම බොන්න ඇති..දැන් පුතේ ලොවෙත් දරුණු ලෙස චූ බරයි...

_ආදර_සමීකරණ_Où les histoires vivent. Découvrez maintenant