"ම්ම්ම් දැන් හරි.."
එයා මගේ තුවාලේ ලේ ටික උරලා ප්ලාස්ටර් එකකුත් අලවනකන් මම හිටියේ වෙනම ලෝකෙක..මං ඒ ඇස් වලින් අහකට මගේ ඇස් ගත්තෙ තවත් ඒ දිහා බලාගෙන හිටියොත් මාව මෝහනය වෙලා මොන මගුලක් කියයිද දන්නේ නෑ කියන භයට...මගේ කටටත් ඉතින් break නෑනෙ...
"යමන්..."
ඌ යන්න ගියත් මම තාම එතනම හිටගෙන...උඹලා දන්නවද අපි ආසම කෙනෙක් ගෙන් මෙහෙම ලැබෙන පොඩි පොඩි අවධාන වුණත්..මාරාන්තික crush එකක් දරුණු ලෙස run කරන අපි වගෙ අයට සෑහෙන්න ලොකු දෙයක් කියල...හරියට සහරා කාන්තාරයට පොද වැස්සක් වැටුණා වගෙ...
"ජානු...."
"ආහ්..."?
"මොන ලෝකෙද ඉන්නෙ..එනවා යන්න sir අපිව හොයයි...."
"එනවා එනවා...යමන්...."
තේවි පංතියෙන් එළියට ගිහින් තප්පර දෙකකින් මම නැති නිසා ආයේ ආවා...සිරාවට මට මේ මොකක් වෙලාද...ඇත්තටම මට යන්න හිතක් නෑ..මට ඕන වුණේ එතන එයා එක්ක ඉන්න...ඔව්..තනියම....එහෙම ඉන්න තරං අපි අතර සම්බන්ධයක් නැහැ..මොකද අපි තාමත් යාළුවෝ විතරයි...ඒත්...මගේ මුරණ්ඩු හිත නිසා මං එළියට නොයා එහෙමම හිටියා...
"මොකක් කරනවද ඔතන හිටගෙන බල්ලෝ...යකූ sir අරහේ අපිව හොයනවා ඇති...ජානු....ඒ...."
මං එයා දිහා බලාගෙනම හිටියා..මං සාමාන්යයෙන් fun එකේ කෑ ගහලා chill එකේ ඉන්න කොල්ලෙක්...සීරීයස් වෙන්නේ හෙන කලාතුරකින් ..එතකොට සිරාවට මගේ වටේ ඉන්න එවුන් භය වෙනවා...මූට මොකක් වෙලාද කියලා..එයා භයවෙලා වගෙ ආයේ මගේ ගාවට ආවා...
"ඇයි බං...මොකෝ වූණේ?"
"තේවි...උඹ කවදහරි මාව දාලා යනවද..."?
ESTÁS LEYENDO
_ආදර_සමීකරණ_
No Ficciónමා විසදූ දහසක් සමීකරණ අතර අසීරුම..නමුදු ආදරණීයම සමීකරණය ඔහු විය!