2024.08.01
Peradeniya University
Medical Facultyමෙවීනා උදේ ලෙක්චස් ඉවර උනාට පස්සෙ කැන්ටිමට ඇවිත් බබල් ටී එකක් අරගෙන කොනේ මේසෙකින් ඉදගත්තෙ උදේ ඉදං පුලුටු කරගත්තු මූණ එක්කමයි.
හැමදේම ඉවර වෙලා දැනට මාස තුනක් ගෙවිලා ගිහින් තිබුනත් අදුරු වලාකුළු තවමත් මෙවීනගේ ආත්මෙ වහගෙන හිටියා. මාස තුනක් තිස්සෙ තවමත් තමන් එකම තැන නැවතිලා කියලා දැනන් හිටියත් මෙවීනා අසමත් උනා හැමදේම අමතක කරලා ජීවිතේ ඉස්සරහට ඇදගෙන යන්න.
"මෙවීනා"
තද පාට තලෙලු හමක් තිබුන ඒත් කඩවසම් කමක් එක්ක අමුතු සෙල්ලක්කාර පාටක් පේන්න තිබුන කොල්ලෙක් මෙවීනගෙ ඉස්සරහින් ඉද ගත්තා.
"කියන්න"
බබල් ටී එක ඉවර කරලා තිබුනත් මෙවීනා ඒක දිහාවටම අවදානෙ යොමු කරන ගමන් කතා කලා.
"ඔයාගෙ ඩයරිය...."
"... ඔයාද ඒක හොරකම් කලේ.?"
මෙවීනා කඩාගෙන පැන්නෙ කොල්ලගෙ අතේ තිබුන ඩයරිය උදුරගන්න ගමන්.
"No no way... ඊයෙ හවස ඕක අන්න අර ටේබල් එක උඩ දිග ඇරලා තියෙද්දි මං දැකලා අරගත්තෙ. Name එක බලද්දියි ඒ ඔයාගෙ කියලා දැනගත්තෙ!"
දේශ් මෙවීනට පැහැදිලි කරන්න ගත්තා.
"Anyway... ඔයා ඒක කියෙව්වා."
"පෙරලිලා තිබුන පිටුව විතරක්."
"ඒ ඉතින් හොදටම ඇතිනෙ!!"
මෙවීනා දුඹුරු පාට ලෙදර් කවරයක් තිබුන ඩයරිය බෑග් එකට ඔබාගන්න ගමන් කිව්වෙ ඇහෙයි කියලා හිතාගෙන නොවුනත් ඒක දේශ්ට ඇහුනා.
"මට පුදුමයි ඒත්"
"For what?"
"ඔයාගෙ දරාගැනීම ගැන... ඒ තරම් දෙයක් වෙලත්.."
"Don't Remember that... Please!!"
"Okey..anyway මෙවීනා.... මට පුලුවන් ඔයාට උදව්වක් වෙන්න"
"No thanks desh... මට මෙච්චර කාලෙකට ලෝකෙන් ලැබුන උදව් හොදටම ඇති!! මට තනියෙන් නැගිටගන්න පුලුවන් මං එහෙම හිතනවා.!"
"ඇයි ඔයාට බැරි අලුතින් පටන් ගන්න.?"
දේශ් ඇහුවෙ මෙවීනාගෙන් අමාරුම ප්රශ්නයක්.
YOU ARE READING
ආත්ම|ATHMA||✔|
Romanceහොඳ කරන්නම බැරිනම් ඉරිච්ච හදවතක් ජපානෙත් නෑ පිපිනේනෙ රෝස පැහැ සකුරත් ආදරේ කියන්නෙම සතුට විතරක්නම් රෝමියෝ ජුලියටුත් නෑ වෙන්නෙ ඛේදාන්තයක්.. මැරුණු ආත්මෙකට පවා පණ දෙන්න හැකිනම් එතනයි තියෙන්නෙ ප්රේමය දෝරෙ ගලමින්..