"හෙලෝ"
උදෑසන කෝපි කෝප්පය තොල ගගා ඉන්න අතරෙ නාද උනේ මෙවීනාගෙ දුරකතන ඇමතුමට ප්රතිචාර දැක්වුවා.
"මෙවී... අපි ටිකක් කතා කරමුද?"
මෙවීනාගෙ කටේ කෙල හිදුනෙ ඒ කටහඩ එක නිමේෂයකින් අදුරගන්න පුලුවන් උන නිසා.
"Sahesh.... i don't need to make a conversation with you... ඒ හැම සංවාදෙකදිම උනේ මට රිදෙන එක.."
විනාඩියක නිශ්ශබ්දතාවයක්...
"මාව පිච්චෙනවා මෙවී.."
"මාත් පිච්චුනා කාලයක් ඔයා අව්ලපු ගින්නකින්.. තාමත් ඒකෙ අලු මං ගාව තියෙනවා."
"මට අන්තිම වතාවට ඔයාව හම්බෙන්න ඕනෙ.. ඊටපස්සෙ කරදර කරන්නෙ නෑ මං..ප්ලීස්..මේ මං ඉන්න අන්තිම කාලෙ.."
ඒ කිව්ව දේ නොතේරුනත් මොනයම්ම හෝ හේතුවකට මෙවීනාගෙ හිත කිව්වෙ සහෙෂ්ව හමුවෙන්න යන්න කියලා.. එන්නම් විතරක් කියලා මෙවීනා දුරකතනය පැත්තකට දැම්මා.
"ආදි.."
"මට පාඩුවෙ ඉන්න දෙන්න අමීෂා.. තමුසෙ ඩැඩීට කියලා මාව ගේ අස්සටත් කොටු කරගත්තනෙ. දැන් කට වහං ඉන්නවා පාඩුවෙ"
දේශාන් කිව්වෙ දින කිහිපයකට කලින් මිස්ට.බංඩාර තමන්ට කරපු තර්ජනය මතක් කරමින්.. අමීෂාගෙන් ලැබුන දෑවැද්ද නැති වෙයි කියන බියෙන් බංඩාර තමන්ගෙ පුතාව ඒ විදියට තමන්ගෙම නිවසෙ හිරකරුවෙක් කරන්න දෙපාරක් හිතුවෙ නෑ.
"අනේ ඒත්..."
අමීෂා කිව්වෙ දේශාන් ළඟින් වාඩි වෙමින්..
"Ameesha...i said you once.. මං එකම දේ දෙපාරක් කියන්නෙ නැති බව තමුසෙ දන්නවා."
දේශාන් ගිගිරුවෙ තරහ ගොඩක් හොදින් පාලනය කරගෙන..
"මේ හැම දේම සනුලි හින්දද? එයා හින්දා නේද? එයා හින්දා නේද මං ගැන තියා අපේ දරුවා ගැනවත් ඔයා හිතන්නෙ නැත්තෙ.. ඒකිව ඇයි ඔය හිතෙන් අයින් කරන්න බැරි? ඇයි? මං එක දවසකට විතරද ඔයාගෙ වයිෆ් උනේ ආ? ඇයි ආදිත්ය මට මෙහෙම සලකන්නෙ?"
අමීෂා ඇඩුවා...
"සනුලිට වචනයක් කියන්න එපා... දරුවව හදාගන්න ඕනෙ කිව්වා. ඒකටත් මං හා කිව්වා.. ඔයත් එක්ක ඉන්න කිව්වා. ඒකටත් මං කැමති උනා. ඒත් මගෙන් ආදරෙ බලාපොරොත්තු වෙන්න එපා අමීෂා.. ප්ලීස්... එහෙම ඉල්ලලා දුක් වෙන්න වෙන්නෙ ඔයාටමයි."
YOU ARE READING
ආත්ම|ATHMA||✔|
Storie d'amoreහොඳ කරන්නම බැරිනම් ඉරිච්ච හදවතක් ජපානෙත් නෑ පිපිනේනෙ රෝස පැහැ සකුරත් ආදරේ කියන්නෙම සතුට විතරක්නම් රෝමියෝ ජුලියටුත් නෑ වෙන්නෙ ඛේදාන්තයක්.. මැරුණු ආත්මෙකට පවා පණ දෙන්න හැකිනම් එතනයි තියෙන්නෙ ප්රේමය දෝරෙ ගලමින්..